• March 29, 2024
  • Last Update March 18, 2024 9:04 AM
  • Sri Lanka

කැස්සට සහ පීනසයට අත් බෙහෙතක්

කැස්සට සහ පීනසයට අත් බෙහෙතක්
මේ ලිපිය බෙහෙවින් ඔබට වැදගත් වෙයි කියලා අපි හිතනවා අද ඔබට කියන්න හදන්නේ ශ්වසන රෝග ගනටයට  අයත් වන කැස්ස ගැන.
ඉතින් මේ කැස්ස අපිට හැදෙන්න විවිධ හේතු කරනා බල පනවා අවේලාවේ ස්නානය, ශීත කෑම පරිභෝජනය,
පින්න වැදීම, දුම සහ දූහුවිලි තත්ත්වයන්ද, කාලගුණික දේශගුණික විපර්යාසයන්, මෙවැනි හේතු කරනා සාමාන්‍ය කැස්සක් හැදෙන්න බලපානවා.
ඔයාලට පොඩියෙන් කැස්සක් තියෙනවනම්  කොත්තමල්ලි, වියලි ඉඟුරු, ගම්මිරිස් ඇට, තිප්පිලි කළං දෙක බැගින් ගෙන කබලේ බැද කුඩුකර දිනකට දෙවරක් උනුවතුරට දමා සීනි හැන්දක් මිශ්‍රකර පානය කිරීම කරන්න.
තවද මේ පානය උණ , සෙම්ප්‍රතිශ්‍යාව ඇතිවිටද සුදුසුයි. නිතර පවතින කැස්සට සීතාරම් කල්කය, බුද්ධරාජ කල්කය ලබාදීම සුදුසුය. සෙම්ප්‍රතිශ්‍යාව සහිතව කැස්ස ඇතිවිට සර්වපාදී තෛලය නාසට ඉරීම ඔබට කළ හැකිය.
ඔබට පීනසය තිබෙනවානම් වියළි කහකුඩු කළං 3යි , වියළි ඉඟුරු කළං 3යි තැඹිලි ගෙඩියක උඩකොටස ඉවත්කර දමා රැයක් පින්නේ තබන්න, උදෑසන හිස්බඩ පානය කිරීම සුදුසුය. උදෑසන කිවිසුම් යාමේ තත්ත්වයන්ද මෙමගින් පාලනය කිරීමට පුළුවන්.
ජානමය හේතූන් නිසා යම් ඔබට පීනස් රෝගයෙන් පෙළේනම් නිසි ප්‍රතිකාර සඳහා යොමුවිය යුතුය. එවන් අවස්ථාවක අත්බෙහෙත් ප්‍රතිකර්ම කිරීම සුදුසු නැත.
පොඩි දරුවන්ට කැස්ස අවස්ථාවකදී කොත්තමල්ලි, ඉඟුරු ආදිය පිරිසිදුව ගෙන කබලේ බැද, තම්බා සකසා ගන්නා ඖෂධීය පානය වරින්වර පානය කිරීමට සැලැස්වීම සුදුසුය. කොත්තමල්ලි කළං 6යි, ඉඟුරු කළං 3යි, ගම්මිරිස් කළං බාගයයි, තිප්පිලි කළං බාගයයි ගෙන පිරිසිදු කර කබලේ බැද කුඩුකර  කෝපිමෙන් සකසා සිරිතේක්කු කළදක් මිශ්‍රකර සීනිදමා පානය කළ හැක. උදේ සවස පානය කිරීමෙන් ඉක්මන් සුවය ලැබේ.
ඔබට කුමන ආකාරයේ කැස්සක් සති දෙකකට වඩා ඇත්නම් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවීම ඉතා ඉක්මනින් කලයුතු කරනුවක් වේ.
 

Related Articles