• April 24, 2024
  • Last Update April 16, 2024 1:31 PM
  • Sri Lanka

කැළණිය රකින විභීෂණ දෙවියන්

කැළණිය රකින විභීෂණ දෙවියන්

“මහා තේජෝ බලපරාක්‍රමයෙන් යුක්‌තව ගුණ ධාරා වගුරවමින් කැලණි වෙහෙර වහන්සේට, කල්‍යාණි නදී මණ්‌ඩලයට දිවැස්‌ හෙළමින් අසාධාරණයට අත්බැට දෙමින් රක්‌ත වර්ණයෙන් බැබැළෙන්නා වූ නේත්‍රා දසත විහිදුවමින් නීල වර්ණ දේහයකින් බැබළෙමින් තුරඟ වාහනාරූඪව වැඩවසන උතුම් වූ විභීෂණ රාජෝත්තමයාණන් වහන්ස,

බල පරාක්‍රමයෙන් තුන්ලොව වෙව්ළුවා වූ දේව, යක්‍ෂ, නාග සුපර්ණ සිද්ධි විද්‍යාධාරීන් අසුරු සැණින් පසුබස්‌සවා විජය ධජය ලෙළවූ සොයුරු ලංකාධීශ්වර රාවණාගේ බලය මැඬ තෙද බලය හා මෙත්තා, කරුණා, මුදිතා, උපේක්‌ඛා ගුණාංගයන් ලංකා ධරණීතලය පුරා රෝපණය කරවූ අභීත වික්‍රමාන්විත ඔබ වහන්සේට මා දෙන පිං අනුමෝදන්ව පිනට පිහිට වන දෙවියනේ ඔබ වහන්සේගේ දිව්‍ය තේජානු භාවයෙන් අප වෙත පැමිණ ඇති ග්‍රහ දෝස ඇස්‌වහ, කටවහ, අඬෝවැඩියා දෝෂද, හදි හූනියම් දෝෂාන්ධකාරද අද මේ වෙලාවේ පටන් ධූරීන් භූත කරදී සියලු සෙත සහනය සලසා දෙන සේක්‌වා”

මේ තමයි මොනවා හරි දෙයක් විභීෂණ දෙවියන්ගෙන් ඉල්ලන්න ඕන වුනාම කියන ස්තෝත්‍රය .මේකට කියන්නේ විභීෂණ කන්නලව්ව කියලා.

ඉතින් මේ කතාවෙන් කියන්නේ ලංකාවට අවේනික වූ දේවත්වයට පත් වුන යක්ෂයෙක් වුන විභීෂණ දෙවියන්ගේ කතාව.

විභීෂණ කියන නමේ තේරුමෙන් කියවෙන්නේ සතුරන් බියට පත්කරවන්නා කියලයි.

කැලණි පුරවරයත් කැලණි වෙහෙරත් සුරකිමින් වැඩවාසය කරන්නාවූ විභීෂණ දෙවියෝ මෙරට මුල් පදිංචිකාර ගෝත්‍රයක්‌ ලෙස සැළකෙන යක්‍ෂ ගෝත්‍රයේ ඉපිද දේවාත්මයට පත් ජන නායකයෙකි.

නිල්වන් සිරුරක්‌ ඇති විභීෂණ දෙවිඳුන්ට රතු පැහැති දැසක්‌ද තද රතුවන් පුළුල් දෙතොලක්‌ද මුඛයෙහි දෙකෙලවරින් පිටතට විහිදුනා වූ දළ යුග්මයක්‌ද ගණරෝම යන්ගෙන් ගැවසී ගත්තාවූ පුළුල් ලය මඬලක්‌ හා ශක්‌තිමත් බාහු යුග්මයක්‌ද හිමි බව සඳහන් වෙනවා.උත්තුංග රූපකයකින් හෙබි උන්වහන්සේ ත්‍රිශූලයක්‌ සහ තෝමරයක්‌ අත දරමින් තුරඟවාහනාරූඩව වැඩසිටියි.

ලංකාපුරයේ අධිපති බවට පත් විභීෂණයෝ කැලණිය තම රාජධානිය කොටගෙන ජීවත් වූ බවත් පසුව මිය පරලොව ගොස්‌ දේවත්වයට පත්ව ඇති බවත් ජනතා විශ්වාසයයි. එලෙස දේවත්වයට පත් විභීෂණ දෙවිඳුන් ඇදහීම ලංකාවේ කුමන කාලයක සිට ආරම්භ වූවාද යන්න නිශ්චිතවම සඳහන් නොවූවද කෝට්‌ටේ යුගය වන විට විභීෂණ ඇදහීම ශ්‍රී ලාංකීය ජනතාව අතර බෙහෙවින් ප්‍රචලිතව තිබූ බව කෝaට්‌ටේ බලකොටුවෙහි පවුර මුදුනෙහි නිශ්ශංක අලකේෂ්වරයාණන් විසින් තනනු ලැබු විභීෂණ දෙවොලක්‌ තිබීමෙන් පැහැදිලි වේ.

එමෙන්ම කෝට්ටේ යුගයේ තොටගමුවේ රාහුල හිමිපාණන් විසින් රචිත සැලලිහිණි සංදේශය රචනා කොට ඇත්තේද කැලණියේ විභීෂණ සුරිඳුන් වෙත යැවෙන හසුනක් ලෙසිනි. කෝට්ටේ රජ කළ සයවන පැරකුම්බා රජු (ක්‍රි.ව. 1415 – 1467) ගේ කණිටු දියණිය වන ලෝකනාථා හෙවත් උලකුඩය දේවියට තම රාජ්‍යය විචාරීම සඳහා සුදුසු පුත් කුමරකු ලබාදෙන ලෙස කෝට්ටේ සිට කැලණිය දක්වා සැලලිහිණියකු අත එවන හස්නක ස්වරූපයෙන් ලියැවුණු එම සංදේශ කාව්‍යය පාසල් දරුවන් අතර පවා අදත් ප්‍රචලිතය. කතුවරයා එමගින් දෙවියන්ගේ ඔදවත් තෙදවත් බව සේම එතුමන් වෙත දක්වන අසීමිත භක්තියද පළ කොට තිබේ.
  
මෙසේ පැවති අනතුරු ගී රැඟුම් පුද
තොසේ සිතින් වැඩ සිටි සුර විමන් මැද
යසේ පතළ දිය තුළ උතුළ මන නඳ
ඇසේ පුරා දකු විබිසණ සුරිඳු සඳ
 
රුවිනේ උතුම් එසුරිඳු මිණි ඊල මෙනේ
සවනේ රැඳුණු රසුදුළ තෝඩු ගන රනේ
වුවනේ වැජඹි සිරි සරසවිය හැම දිනේ
සොබනේ කනා කැටපත් යුවල විලසිනේ

ඉහත දක්වලා තුන්නේ සැළලිහිණි සංදේශයේ විභීෂණ දෙවියන්ව වර්ණනා කරන කවි වලින් දෙකක් .ඒ අනුව තොටගමුවේ හිමියන් ඉතා විචිත්‍රවත් ආකාරයට විභීෂණ දෙවියන්ව වර්ණනා කළ බවක් දක්නට ලැබෙනවා.

විභීෂණ දෙවියන්ගේ තියෙන තවත් විශේෂත්වයක් වන්නේ හෙළදිවයින ආරක්ෂා කරන සතර දෙවිවරු අතරින් කෙනෙක් විදියට විභීෂණ දෙවියන්ව හඳුන්වන එක ( අනෙක් තුන් දෙනා වෙන්නේ උපුල්වන් , සමන් , ස්කන්ධ කුමාර නොහොත් කතරගම කියන දෙවිවරුයි. -ලංකාව භාර සතරවරම් දෙවිවරු කියලා තවත් ලිපියකින් ඒ ගැන කියන්නම් )

කතාව ටිකක් ඈතට දිව යනවා.කොච්චරක්ද කිව්වොත් රාම රාවණා යුද්ධය කාලෙට.මුලින්ම කිව්වනේ විභීෂණ කියන්නේ යක්ෂයෙක් කියලා.ඒ කියන්නේ මෙම දෙවියන් රාවණාගේ මල්ලි වෙනවා නෑදෑ කමට.
මේ කතාවෙත් සමහර තැනක විභීෂණ රජතුමා රාවණයන්ගේ සහෝදරයෙක් විදියට සැළකුවට එතුමා රාවණා රජතුමාගේ අර්ධ සහෝදරයෙක් කියලා තමයි කියවෙන්නේ.

ඒ කතාවට අනුව විශ්‍රවස්‌ නම් මුණිවරයාට බිරින්ඳෑවරුන් තිදෙනෙක්‌ සිට ඇත. එයින් පුෂ්පොකටා රාක්‍ෂ කුමරිය විශ්‍රවස්‌ට දාව රාවණා හා කුම්භකර්ණ යන පුතුන් දෙදෙනාද, මාලනී නම් රාක්‍ෂ කුමරිය විභීෂණ කුමරුද, නෛකෂා නම් කුමරිය කුවේර හෙවත් වෛශ්‍රවණද, සුපර්ණකා නම් දියණියද බිහිකර ඇති බවයි.

නමුත් තවත් තැනක කියවෙන්නේ නම් රාවණා, කුම්භකර්ණ , විභීෂණ, සහ සුපර්ණකා කියන්නේ එක කුස ඉපදුන සහෝදරයින් කියලත් කියවෙනවා.

ජනශ්‍රැති කතා වලට අනුව ඇත්තටම ලංකාව මුලින්ම පාලනය කලේ රාවණා නොවෙයි කුවේර.රාවණා විසින් ආක්‍රමණයක් කරලා රාජ්‍ය පැහරගන්නවා මුලින් කුවෙරගෙන්.

ඊට පස්සේ කුවේරයන්ට අයිති වෙලා තිබුණ ආලකමංදාව වගේම දඬුමොණරයත් රාවණා අයිතිකරගන්නවා. හැබැයි මේ හෙළදිවයිනේ පාලනයට කැමැත්තෙන් හිටපු තව කෙනෙක් තමයි විභීෂණ කියන්නෙත්. ඒත් බලසම්පන්න රාවණා එක්ක මුහුණට මුහුණ සටන් කරන්න තරම් බලයක් විභීෂණට තිබුණේ නෑ. මේ නිසා මේ දෙන්නා අතර පොඩි පොඩි මත ගැටුම් ඇතිවෙන්න ඇති කියලා කියවෙනවා.
ඒ වගේම රාවණාගේ බිරිඳ වුන මන්දෝදරී ගැන යම් කැමැත්තක් විභීෂණ ගේ හිතේ තිබිලා තියෙනවා.ඒ වස්තුවත් අයිති කරගත්ත එයට තවත් අමනාපෙන් තමයි විභීෂණ ඉදලා තියෙන්නේ.

නමුත් අවාසනාව කියන්නේ රාවණාට අභියෝග කරන්න කෙනෙක් ඒ වෙනකොටත් මේ තුන්ලෝකෙම නැතිකොට විභීෂණ මොනවා කරන්නද?

මේ අතර තමයි රාම එක්ක ප්‍රශ්නයක් ඇතිකරගෙන සිතාව රාවණා ලංකාවට රැගෙන එන්නේ වැඩිමල් සොයුරු රාවණ කළ මෙම අශිෂ්ට ක්‍රියාව කෙසේවත් පිළිනොගන්නා විභීෂණ මුල්වරට රාවණා හා එරෙහි විය.
ලංකා පුරවරයෙහි රාමා රාවණා අතර පැවති යුද ගැටුම් තීරණාත්මක මොහොතකට එළඹ තිබූ අවස්‌ථාවක රාම කුමරු වූ විභීෂණයන් සමඟ රහස්‌ සම්මුතියක්‌ ඇතිකර ගන්නවා.ඒකට අනුව විභීෂණ සිය සෙහොයුරු රාවණාට එරෙහිව යුද වදින්නට පටන්ගෙන ඇත.

ලංකා පුරවරයෙහි සියලු රහස්‌ හෙළිකරමින් විභීෂණ දෙවියෝ රාමාට පක්‍ෂව කටයුතු කළෙන් අසමසම රණ ශූරයකු වූ රාවණා රජුගේ සේනාව පසුබසින්නට වූයෙන් අවසානයේ රාවණා රජු නසා දමා ලංකාපුරය අත්පත් කරගත් රාමකුමරු විභීෂණයන් ලංකාධීෂ්වරයා ලෙස ඔටුනු පළඳිනවා කොහොම වුනත් රාම රාවණා යුද්ධයේදී රාවණා රජතුමා පරාද වීමත් එක්ක ලංකාවේ බලය වගේම මන්දෝදරී ව විවාහ කරගන්න අවස්ථාවත් විභීෂණයන්ට ලැබෙනවා.
තැනකදී දැක්වෙන්නේ මෙය පාවාදීමක් විදියට හේතුව තමයි විභීෂණ මෙම රහස් රාමට ප්‍රකාශ නොකලා නම් කිසිම විදියකින් රාවණා ව පරාජය කරන්න නොහැකි වනවා.තවත් තැනක දැක්වෙන්නේ තමන්ගේ හෘද සාක්ෂිය අනුව රාවණා විසින් සීතාව රැගෙනවිත් කළ නොකටයුත්ත නිසා විභීෂණ රාවණා ට විරුද්ධ වුණා කියලා.

කොහොම නමුත් අවසානයට ලාංකීය දේව මණ්‌ඩලයේ දෙවිවරුන් අතර සිටින අප ලක්‌බිමේ සැබෑ උරුමක්‌කාරයකු ලෙස හැඳින්විය හැකි විභීෂණ දෙවිඳුන් කැලණි පුරවරයක්‌, කැලණි විහාරයත් ආරක්‌ෂා කරමින් එම විහාරයේ විභීෂණ දෙවොලට අධිගෘහිතව මහා බලසම්පන්නව වැඩ වාසය කරමින් උන්වහන්සේගෙන් සෙත සහනය පතා එන අසරණ ජනතාවගේ දුක්‌ගැහැටවලට පිළිසරණ වෙමින් සෙත සලසන අති උතුම් දේව ආත්මයක්‌ ලෙස ලංකා ජනතාවගේ හදවත් වල අදටත් විරාජමානව වැජඹේ.

 උපුටා ගැනීම ලොව වටා ජනශ්රැති

Related Articles