• April 17, 2024
  • Last Update April 16, 2024 1:31 PM
  • Sri Lanka

නූතන පරිගණක විද්‍යාවේ පියා Alan Turing

නූතන පරිගණක විද්‍යාවේ පියා Alan Turing
පරිගණකයේ පියා කවුද කියල ඇහුවොත් ඕනෙ ම කෙනෙක් කියන්නේ  චාල්ස් බැබේජ් කියල. ඒත් ගොඩක් අය නොදන්න දෙයක් තමයි නූතන පරිගණක විද්‍යාවේ  පියා කවුද කියන එක. ඒ තමයි ඇලන් ටියුරින්ග්.
1912 ජුනි මස 23 වන දින ලන්ඩනයේදී උපත ලබන ඇලන් මැතිසන් ටියුරින් ගණිතය කෙරෙහි දැක්වූවේ ඉතා අසාමාන්‍ය දක්ෂතාවයක්. අතිශය සංකීර්ණ ගණිත ගැටළු සහ න්‍යායන් විසඳීමට පාසල් වියේදී පවා ඔහු ඉමහත් සමර්ථ බවක් දැක්වූවා. කේම්බ්‍රිජ් සරසවියෙන් ගණිතය පිළිබඳ ප්‍රථම පෙළ ගෞරව උපාධියක් ලබා ගන්නා ඇලන් සිය ආචාර්ය උපාධිය ලබා ගත්තේ ඇමරිකාවේ ප්‍රින්ස්ටන් සරසවියෙන්. 1936 දී ඔහු විසින් නිපදවූ ‘ටියුරින් යන්ත්‍රය’ අද අප දකින පරිගණක මධ්‍ය සැකසුම් පද්ධතියේ මූලික අවස්ථාවක් ලෙස හඳුන්වනවා.

Turing Machine s

1948 දී ටියුරින් මැන්චෙස්ටර් හි වික්ටෝරියා විශ්ව විද්‍යාලයේ ගණිත අංශයේ පාලකයා ලෙස පත් කරන ලද අතර ඊළඟ වසරේදී ඔහු මැන්චෙස්ටර් විශ්ව විද්‍යාලයේ පරිගණක විද්‍යාගාරයේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා ලෙස පත්විය. 1950 දී ඔහු පරිගණක යන්ත්‍රෝපකරණ හා බුද්ධිය රචනා කළ අතර එය කෘතිම බුද්ධිය පිළිබඳ ගැටලුව සාකච්ඡා කරයි. එය පරිගණකයකට මිනිසෙකු ලෙස සිතීමට හා ක්‍රියා කිරීමට හැකි අදහසකි. ඔහු දරුවාගේ මනසෙහි මූලාකෘතියකින් ආරම්භ කර එම “මනස” දැනුවත් කළ යුතුය යන අදහස ඉදිරිපත් කළේය. යන්ත්‍රයක බුද්ධිය තීරණය කරන්නේ කෙසේද යන්න පිළිබඳ මෙම පරීක්ෂණය දැන් ටියුරින් ටෙස්ට් ලෙස හැඳින්වේ.
දෙවෙනි ලෝක යුද සමයෙදි හිට්ලර් තමන්ගෙ හමුදාවට අණ දෙන්න පණිවුඩ යැවුවෙ කේතනය (encrypt) කරල. උදාහරනයක් වශයෙන් සරලම අවස්තාවක් ගත්තොත් ABCD කියල ලියන වචනයක් වෙනුවට වචනයේ හැම අකුරම එක අකුරක් ඉදිරියට අරන් පණිවුඩයෙ සඳහන් වුනේ BCDE කියල. එතකොට ප්රතිවාදීන්ගෙ අතට මේ පණිවුඩය ගියත් හඳුනගන්න නම් වෙනස් කරපු ක්‍රමය ගැන අවබෝධයක් තියෙන්න ඕන. ඒත් මේ වැඩේට හිට්ලර් භාවිතා කලේ ලේසි පහසු කේතයක් නම් නෙවෙයි. ඔහු භාවිත කලේ ENIGMA කියල යන්ත්‍රයක්. සෑම දිනකම ඔහු තමන්ගේ ඉදිරි යුධ සැලැස්මේ වැඩි ආරක්ශාව සඳහා මේ encrypt කරන ක්‍රමයත් වෙනස් කලා.
එංගලන්ත රජය තේරුම් අරන් තිබුන දෙයක් තමයි හිට්ලර්ව පහසුවෙන් පරාජය කරන්න අවශ්‍ය නම් ඔහු තමන්ගේ සොල්දාදුවන්ට නියෝග නිකුත් කරන මේ පණිවුඩ විකේතනය (Decrypt) කරගත යුතු බව. රටේ හිටපු සුපිරිම ගණිත්ඥයො, විවිද ස්ථාන වලින් ආපු ඉහල IQ තියන පුද්ගලයො විශාල වශයෙන් රජය යොදාගත්ත මේ සඳහා. මිනිස්සු එක්කෙනෙක්ට නෙවෙයි සිය දහස් ගනනකට වුනත් බැරි වුනා දිනක් තුල මේ කේතය ගනනය කිරීම් වලින් හොයාගන්න හෝ අනුමාන කරන්න. ඊලඟ දිනයෙ භාවිතා කරන්නෙ වෙනත් කේතයක් නිසා මිනිස්සුන්ට සිදුවුනා කලින් දවසෙ වැඩ හැමදෙයක්ම පැත්තකට දාල හැම දවසකම නැවත මුල ඉඳන් පටන් ගන්න.
මේ අය අතරින් ඇලන් ටියුරින්ග් කියන පුද්ගලයා ටිකක් වෙනස් ආකාරයට කල්පනා කරල මේ පණිවුඩ විකේතනය කරන්න මිනිසුන්ගේ වේගය සහ කාර්යක්ශමතාව මදි, මේකට ENIGMA යන්ත්‍රයෙන් කරන ක්‍රියාවලිය ආපස්සට කරන යන්ත්‍රයක් හොයාගන්න ඕන කියන අදහස ඇතිව අනිත් සියලුදෙනා කේතය විකේතනය කරන්න උත්සාහ කරන අතරෙ යන්ත්‍රයක් හදන්න උත්සාහ කලා. මේ නිසා ගොඩක් අයගෙ සමච්චලයට වගේම කරදර වලට ලක් වුනා ඔහු. සම්මානලාභී The Imitation Game චිත්රපටයේ ඔහුගේ මේ ජීවිත කතාව බොහොම ලස්සනට බලාගන්න පුලුවන්.
මේ රහස් කේත විකේතනය කිරීම සඳහා කේම්බ්‍රිජ් සරසවියේ ගණිතය පිළිබඳ මහාචාර්ය මැක්ස් නිව්ටන්ගේ ප්‍රධානත්වයෙන් පත්කරනු ලැබූ විද්‍යාඥයන් කණ්ඩායමේ එක් සාමාජිකයෙකු වූවේ ඇලන් ටියුරින්. ඔහු අතින් ‘බොමේ යන්ත්‍රය’ නිර්මාණය වන්නේ එහිදීයි. මෙම බොමේ යන්ත්‍රය ලොව ප්‍රථම ඉලෙක්ට්‍රොනික පරිගණකය ලෙස අවිවාදයෙන් පිළිගැනෙනවා.
හිට්ලර්ගේ රහස් යුධ පණිවුඩ සියල්ලම පාහේ විකේතනය කිරීමට මෙම යන්ත්‍රය හරහා බ්‍රිතාන්‍යයට හැකියාව ලැබුණ අතර ඒ නිසා මිලියන ගණනක් වූ ජීවිත ගලවා ගැනීමට ඔවුන් සමත් වුණා. ටියුරින්ගේ බොමේ යන්ත්‍රය නොවන්නට දෙවන ලෝක යුද්ධය කෙසේ නිමාව දකිනු ඇත්දැයි සිතීමට පවා අපහසුයි.
කෘතීම බුද්ධිය පිළිබඳ පිළිගත හැකි ප්‍රථම තිසීසය ඉදිරිපත් කරනු ලැබුවේත් ඇලන් ටියුරින් විසින් බවටයි පිළිගැනෙන්නේ. ක්වන්ටම් භෞතික විද්යාව ගැනත් ඇලන් දැඩි උනන්දුවක් දැක්වූවා.
ටියුරින්ගේ ක්‍රිස්ටෝපර් යන්ත්‍රය
අවසානයේදි සියලු දෙනාට ප්රහේලිකාවක් වෙලා තිබුණ හිට්ලර්ගේ පණිවුඩ විකේතනය කරන යන්ත්‍රයක් නිපදවන්න ඇලන් ටියුරින්ග් සමත් වුනා. හිට්ලර්ගේ සැලසුම් හෙලි කරගෙන, වසර කිහිපයකට කලින්ම දෙවෙනි ලෝක යුද්ධය අවසන් කරන්නත්, ජීවිත මිලියන ගනනක් බේරාගන්නත් ටියුරින්ග් ගේ මේ යන්ත්‍රය සමත් වුනා. අවාසනාවකට මේ සිදුවීම් වලින් වසර කිහිපයකට පස්සෙ.
එකල එංගලන්තයේ වරදක් යැයි රෝගයක් යැයි සලකා තහනම්ව තිබූ ටියුරින්ග් ගේ සමලිංගික ඇසුර නිසා ඔහුව රෝහල්ගත කර ප්‍රතිකාර කිරීමෙන් සුව අතට පත් කිරීමට උත්සාහ කරනවා. අධික මානසික පීඩනය හේතුවෙන් සයනයිඩ් එන්නත් කල ඇපල් ගෙඩියක් කෑමෙන් ඔහු සියදිවි හානි කර ගන්නවා. නූතන පරිගණක විද්යාව සඳහා ටියුරින්ග් විසින් සිදුකල මහඟු කාර්යයට ගරු කිරීම පිණිස අද ලෝක ප්‍රකට ඇපල් සමාගම තමාගේ ලාංඡනය සඳහා ටියුරින්ග් අවසන් වතාවට වස යොදා අනුභව කල ඇපල් ගෙඩිය යොදාගෙන තිබෙන බව කියැවෙනවා.

 

Related Articles