• April 25, 2024
  • Last Update April 16, 2024 1:31 PM
  • Sri Lanka

පිරිමි හා කාන්තා මොලයේ වෙනස්කම්

පිරිමි හා කාන්තා මොලයේ වෙනස්කම්

අද ටිකක් වෙනස් මත්තෘකවක් ගැන තමා කියන්න හදන්නේ සමහර විට මේ ගැන ඔයා දන්නවා වෙන්නත් පුළුවන්. කාන්තා මොලයේ හා පිරිමි මොලයේ තිබෙන වෙනස් කම් කිහිපයක් ගැන තමා කියන්න හදන්නේ. 

01.වැඩකිරීමේ හැකියාව 

කාන්තා මොලයට එකවර වැඩ කීපයක් හොදින් කරන්න පුළුවන් (multi-tasking).එත් පිරිමි මොලේට එකවරකට කරන්න පුළුවන් එක වැඩක් විතරයි (single tasking). ඒ නිසා කාන්තාවකට සින්දුවක් රසවිදිනගමන් පොතක් කියවන්න පුළුවන්.එත් පිරිමියෙකුට ඒ දෙකම එකවර කරන්න බෑ.එක්කෝ සින්දුව අහන්න වෙනවා.නැත්තන් පොත කියවන්න වෙනවා.  

 02.කථනය හා ශ්‍රවණය 

කාන්තාවකට කතා කරන ගමන් අනිත් අය කියන දේට ඇහුම්කන් දෙන්න පුළුවන්.පිරිමියෙකුට එකවර ඔය දෙකම කරන්න බෑ.ඒ නිසා තමා කාන්තාවෝ පිරිසක් එක් රැස් උනාම එතන සද්දේ වැඩි. 

 03.මොලයේ ප්‍රමාණය 

කාන්තාවකගේ මොලයේ ප්‍රමාණයට වඩා පිරිමියෙකුගේ මොලයේ ප්‍රමාණය 12% කින් පමණ විශාලයි. නමුත් හැකියාව කියන එක මොලේ ප්‍රමාණය මත රදා පවතින්නේ නෑ 

 04.ප්‍රශ්න විසදීම 

පිරිමියෙකුට ප්‍රශ්නයක් ආවාම ඒක තනියම විසදගන්න බලනවා.ඒ නිසා ප්‍රශනයක් අවම පිරිමියක් බොහෝ වෙලා කල්පනා කර කර ඉන්නවා.නමුත් කාන්තාවකට රශ්නයක් අවම ඇය ඒක තව කෙනෙකු සමග පවසමින් ආතතිය අඩු කර ගැනීමට පෙලබෙනවා.ඔවුන්ට ප්‍රශ්නය විසදාගැනීමට උත්සහ කිරීමට වඩා තව කෙනෙකු සමග පැවසීමෙන් ලොකු සහනයක් ලබනවා 

 05.භාෂාව 

පිරිමියෙකුට තම මවු භාෂාවට අමතරව තව භාෂාවක් ඉගෙන ගැනීම තරමක් අසීරු කාර්යක්.නමුත් කාන්තාවන්ට එය එතරම් අසීරු නෑ.ඒ නිසා තමයි හින්දි films බලන කාන්තාවන්ට හොදට හින්දි පුළුවන් වෙන්නේ.එත් පිරිමින්ට එහෙම film බැලුවට හින්දි පුළුවන් වෙනවා අඩුයි 

 06.ප්‍රස්ථාර හා සටහන් තේරුම් ගැනීම 

ප්‍රස්ථාර හා නිවාස සැලසුම් ආදිය පිරිමියෙකුට පහසුවෙන් තේරුම් ගැනීමේ හැකියාවක් තියනවා.නමුත් එක කාන්තාවන්ට අපහසු දෙයක්. 

 07.වස්තුවක් ග්‍රහණය කර ගැනීම 

පිරිමි මොළයකට ඉක්මනින් වස්තුවක ප්‍රමාණය හා වේගය ග්‍රහණය කර ගත හැක.නමුත් කාන්තා මොලයට එතරම් ඉක්මනින් ග්‍රහණය කර ගත නොහැක.එනිසා තමයි කාන්තාවන්ට රිය පැදවීම ආපසු වන්නේ. 

 

කාන්තාවකගේ මොළයට වඩා පිරිමියකුගේ මොළය 8% – 10% ක් පමණ විශාලය. මොළයේ පැතිවල විශාලත්වයද ගැහැණු හා පිරිමි බව අනුව වෙනස් වෙයි. හාවර්ඩ් සරසවියෙන් 2001 දී කළ අධ්‍යයනයකට අනුව පිරිමින්ට වඩා ගැහැණුන්ගේ මොළයේ ඉදිරිපස කොටස විශාලය. මේ කලාපය තීරණ ගන්නා, ගැටලු විසඳන, කොටසයි. එහෙත් සටන්වලට ප්‍රතිචාර දක්වන, අනතුරක් ඉක්මනින් හඳුනා ගැනීමේ හැකියාව ඇති කොටස වඩාත් විශාල පිරිමින්ගේයි. 

පිරිමි මොළය මෙන් නොව ගැහැණු මොළයට විවේකයක් නැත. ගැහැණියකට විවේකයක් නැතිසේම ගැහැණු මොළයටද විවේකයක් නැත. ඇයගේ මොළය සැමවිටම අවදියෙන්ය. දරුවන් සම්බන්ධයෙන් වැඩිපුර අවධානයෙන් සිටීමට හැකිසේ සොබාදහම ඔවුන්ගේ මොළය සකසා තිබේ. 

ඇමරිකානු ස්නායු විශේෂඥ වෛද්‍ය ඩැනියල් ආමන් ගැහැණු සහ පිරිමි මොළ දහස් ගණනක් ස්කෑන් කර ඇති අතර මොළයේ කලාප 128න් 112 කම රුධිර සැපයුම අධ්‍යයනය කර තිබේ. ඒ අනුව වඩාත්ම හොඳින් මොළයට රුධිරය සැපයෙන්නේ කාන්තාවන්ගේය. කාන්තා මොළය වඩා කාර්යබහුලය. එහෙත් මේ වෙනස කාන්තාවන්ට කෙතෙක් සුබවාදීද යන්න නම් විද්‍යාඥයන්ට ප්‍රශ්නයකි. 

08.විෂාදය ඉහළයි 

 පිරිමින්ට වඩා විෂාදයට ගොදුර වීමේ දෙගුණයක අවදානමක් කතුන්ට පවතී. හෝර්මෝන මීටද වගකිව යුතුයි. හෝර්මෝන නිසා කාන්තාවන් යම් කරුණක් දෙස අසුබවාදී ලෙස බැලීම වැඩිය. ගැටලු ගැන ඔවුහූ හිත කරදර කර ගන්නවාත් වැඩිය. මේ නිසා නිසි නින්දක් නොලැබේ. මඳ නින්ද විෂාදයටද මඟකි. හෝර්මෝන සහ ක්‍රොමසෝම ගැහැණු, පිරිමි සෞඛ්‍යයේ තීරණාත්මක සාධකයි. ගැහැනුන් විෂාදයට ගොදුරු වෙද්දී පිරිමි භින්නෝන්මාදයට වැඩිපුර ගොදුරු වෙති. භින්නෝන්මාද ලකුණු බරපතළ ලෙසින් දක්නට ලැබෙන්නේද පිරිමින්ගේය. ඖෂධවලින් ඉක්මන් සුවය ලැබීමේ වාසනාව කතුන් සතුය. 

09.ආතතියේ වෙනස 

ආතතියක් ඇති වූ විට පිරිමින් කෝපයට පත්වෙන අතර කාන්තාවන් දොඩමලු වීමට පටන් ගනී. 

10.පනින්නට පෙර සිතා බලන්නේ ගැහැනුන්ය. 

පිරිමින් දැක්වීමක රූපමය පණිවුඩයට වශී වෙද්දී ගැහැණුන් අවධානය යොමු කරන්නේ දැන්වීමේ අඩංගු කරුණුවලටයි. පනින්න පෙර සිතා බැලීමේ නුවණද වැඩි කාන්තාවන්ටය. වෛද්‍යවරුන් කරා යාමට හා සෞඛ්‍ය පණිවුඩ ක්‍රියාත්මක කිරීමට කතුන් වැඩි උනන්දුවක් දක්වන්නේ මේ පිහිටීමේ වෙනස නිසයි. 

11.ආහාර රුචියද වෙනස් වේ 

කතුන් වැඩිපුර කැමැත්තක් දක්වන්නේ සීනි හා මේදයටයි. පිරිමින් මස් රසයට වඩාත් ලොල්ය. පිරිමින්ට මාංස පේශි වර්ධනයට ප්‍රෝටීනමය ආහාර වඩාත් අවශ්‍ය අතර ගර්භණී කාලයට, කිරි දීමට සහ ලිංගික හෝර්මෝන නිපදවීමට කාන්තාවන්ට වැඩිපුර තෙල් අවශ්‍යය. 

12.මිග්‍රේන් වැඩි කතුන්ටයි 

පිරිමින්ට වඩා කාන්තාවන්ට මිග්‍රේන් සෑදීමේ ඉඩ තුන් ගුණයකින් වැඩිය. කතුන්ගේ හෝර්මෝන මට්ටම නිරන්තරයෙන් වෙනස්වීම ඊට හේතුවයි. මොළයේ පිහිටීම තවත් හේතුවකි. 

සාමාන්‍ය මිනිස් මොළයක නියුරෝන බිලියන 23 ක පමණ සංඛ්‍යාවක් ඇත. පිරිමි මොළයක නියුරෝන සංඛ්‍යාව සාමාන්‍යයෙන් ගැහැණු මොළයකට වඩා බිලියන දෙකකින් වැඩි ය.

ගැහැණු මොළයක පිරිමි මොළයකට වඩා නියුරෝන අතර සබඳතා ඇති කරන neuropil ප්‍රමාණය වැඩි ය. මැදිවයස වෙද්දී ගැහැණු මොළයක් පිරිමි මොළයක් හා ප්‍රමාණයෙන් සමාන වෙයි. පිරිමි මොළය ගැටවර වියෙන් පසු ගැහැණු මොළයට වඩා වේගයෙන් හැකිළී යන්නකි. 

දකුණු අතින් වැඩ කරනා අයගේ වම් මොළය භාෂාව, තර්කය, ගණිතය සහ තොරතුරු, වචන, ක්‍රියාවන් වලින් ඒවායේ තේරුම වටහා ගත හැකියාව ඇති පැත්ත ය.

ඒ අයගේ ම දකුණු මොළය ජ්‍යාමිතිය, කතාබහෙන් නැති හඳුනා ගැනීම් වලට, මුහුණු හඳුනා ගැනීමට, ඇහෙනා ශබ්ද වල සුවිශේෂීත්වයන් හඳුනා ගැනීමට හැකියාව ඇති පැත්ත ය. 

ගැහැණු මොළයක භාෂාව උපයෝගී කරගන්නේ වම් මොළයේ ඉදිරිපසයි. පිරිමි මොළයක භාෂාවට උපකාර කර ගන්නේ වම් මොළයේ ඉදිරිපස හා පිටුපස දෙපැත්තම ය. 

ගැහැණු මොළය වඩාත් අර පිරිමැස්මෙන් මොළය පාවිච්චියට ගනියි. පිරිමි මොළයේ අරපිරිමැස්ම අඩු ය. එය efficient නැත. එය වඩා wear and tear වලට ලක්වන්නකි. 

ගැහැණු මොළයක දෘශ්‍ය (visual) හෝ අවකාශය (spatial) දැකීමට මොළයේ දෙපැත්තම යොදා ගනියි. පිරිමි මොළයක දෘශ්‍ය හෝ අවකාශය දැකීමට යොදා ගන්නේ වම් මොළය පමණි. 

ගැහැණු මොළයක ආවේග විසින් මොළයේ දෙපැත්තම අවදි කරවනු ලබයි. පිරිමි මොළයක ආවේග විසින් අවදි කරවනු ලබන්නේ දකුණු මොළය පමණකි. 

වම් මොළය වඩාත්ම උපකාරී වන්නේ සුළු දේවල් විපරම් කර බලන්නට ය. දකුණු මොළය ලොකු පින්තූරය දකින්නට උදව් වෙයි. 

වම් මොළය ශරීරයේ දකුණු පැත්තේ ක්‍රියාකාරීත්වයන් ද දකුණු මොළය සිරුරේ වම් පැත්තේ ක්‍රියාකාරීත්වය ද පාලනය කරයි. 

ගැහැණු මොළයේ වම් cerebral cortex පැත්ත වැඩියෙන් ඝන ය. පිරිමි මොළයේ දකුණු cerebral cortex වැඩියෙන් ඝන ය. 

ගැහැණු මොළයේ බර ප්‍රමාණය අනුව සලකද්දී එහි ඇති corpus callosum වඩා ඝන ය. පිරිමි මොළයේ බර ප්‍රමාණය හා සසඳද්දී එහි ඇති corpus callosum තුනී ය. 

ගැහැණු මොළයේ ඉදිරිපස හයිපොතැලමසයේ ඇති suprachiasmic nucleus බෝලයක හැඩය ගනියි. පිරිමි මොළයේ ඉදිරිපස හයිපොතැලමසයේ ඇති suprachiasmic nucleus සුරුට්ටුවක හැඩය ගනියි. 

ගැහැණු මොළයක ඇති nuclei පිරිමි මොළයක ඇතිවාට වඩා අට ගුණයකින් විශාල ය. ගැහැණු මොළයක limbic (ආවේගාත්මක) හටගැන්ම භාෂාවට මූලික වූ පෙදෙස් හා බැඳී පවතී. පිරිමි මොළයක ආවේගාත්මක හට ගැනීම් බැඳී ඇත්තේ ශාරීරික ක්‍රියා (අත පය) මූලික වූ පෙදෙස් සමඟ ය. 

ගැහැණු මොළයක එස්ට්‍රෝජන් මට්ටම් ඉහළ පහළ යයි. පිරිමි මොළයක එස්ට්‍රෝජන් මට්ටම් වැඩි වෙනසකට ලක් නොවේ. ගැහැණු මොළයක ටෙස්ටොස්ටොරොන් මට්ටම් වැඩි වෙනසකට ලක් නොවේ. පිරිමි මොළයක ටෙස්ටොස්ටොරොන් මට්ටම් පරිසරයේ වෙනස්කම් අනුව (හිමිදිරි පාන්දර, සිසිර ඍතුවේ, උත්තාර්ථගෝලයේ) වේගයෙන් වෙනස් වේ. 

ගැහැණු හා පිරිමි උපදින්නේ එකිනෙකාට වෙනස් ලෙසකින් සකස් වූ මොළයකට හිමිකම් කියමිනි. පිරිමි මොළය සකස් වී ඇත්තේ අරමුණක් ඉලක්ක කරගත්තා වූ ක්‍රියාවක් (instrumental function) කරන්නට ය. ගැහැණු මොළය හැදී ඇත්තේ “කතාවට” නැත්නම් ඇති දැඩි කර රැක බලාගන්නට (nurture) ඉලක්ක කරගත් ක්‍රියාවක් (interpersonal function) කරන්නට ය. මේ ගැන වැඩි විස්තර සඳහා රටවල් 39 කින් දත්ත විමසා D. F. Halpern ලියූ Sex Differences in Cognitive Abilities (2000) කියවත හැකිය. 

පිරිමි මොළයක ප්‍රචණ්ඩත්වය (aggression), තරඟය (competition), ආත්මාධිරෝපණය (self-assertion), ආත්ම විශ්වාසය (self-confidence), ආත්මාවලම්බනය (self-reliance) සාමාන්‍යයෙන් දැකිය හැකි ලක්ෂණ පහකි. ගැහැණු මොළයක හෝ පිරිමි මොළයක මේ ලක්ෂණ ටෙස්ටොස්ටොරොන් මට්ටම් මෙන් ම ගණිතය හා අවකාශය දැනීමේ හැකියාවන් සමඟ බැඳී ඇත. එනම් ගණිතයෙන් දස්කම් පාන ගැහැණු මොළවල ඉදිරි ලක්ෂණ පහ ද දකින්නට හැකිය. 

idm

ගැහැණු මොළයකට දක්ෂ ලෙස භාෂාව, සංවේද වලින් ලැබෙන දැනුම හඳුනා ගැනීමට (sensory awareness), මතකය, සමාජය ගැන දැනුවත්කම සහ වෙනත් අය හා සබඳතා වැටහීමක් ඇත. ආවේග හැකියාව මොළයේ දෙපැත්තේ ම පිහිටා ඇති නිසා මොළයේ දෙපැත්තම භාවිතා කර ඒ අතර කතාබහට හැකියාව ගැහැණු මොළයක වැඩි ය. තමන්ගේ හැඟීම් හා අනුන්ගේ හැඟීම් ගැන සංවේදීත්වය වැඩි නිසා එය භාෂාවෙන් හුවමාරු කරගන්නට ගැහැණු මොළය දක්ෂ ය. පිරිමි මොළයක පද හසුරුවන හැකියාව (vocabulary) ඇත්තේ වම් මොළයේ පමණක් නිසා, පද වර්ධනයට වඩාත් දක්ෂ වෙති. පිරිමි අළුත් පදයන් හදන්නට (jargon) හා තාක්ෂණික වූ වචන (technical terminology) ඉදිරිපත් කරන්නට දක්ෂ වෙති. 

ගැහැණු මොළයක් ඇත්නම් ඊට දායාද වූ ශක්තීන් වැඩි කරගන්නට උත්සාහ ගැනීම මිස “අනේ ඇයි මම පිරිමියෙක් වෙලා උපන්නෙ නැත්තේ ඇයි?” කියා විමසීමෙන් ඵලක් නැත!!! 

දායාද වූ තමන්ගේ මොළයෙන් වැඩ ගන්නට නම් චෛතසික ස්වභාවය හා එහි ඇති හැකියාව යන දෙක අවුල් කරගැනීමත් නුසුදුසු ය. 

 

 

 අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී

 

Related Articles