• April 19, 2024
  • Last Update April 16, 2024 1:31 PM
  • Sri Lanka

මිලියන 533 කට අධික Facebook දත්ත අන්තර්ජාලයට බුද්ධි අංශ ප්‍රධානී Alon Gal පවසයි

මිලියන 533 කට අධික Facebook දත්ත අන්තර්ජාලයට බුද්ධි අංශ ප්‍රධානී Alon Gal පවසයි

Facebook පරිශීලකයන්ගේ පෞද්ගලික දත්ත මේ වනවිට අන්තර්ජාලයට එකතු වී ඇති බව වාර්තා වන අතර මෙසේ නිරාවරණය වූ දත්ත අතර, පරිශීලකයන්ගේ දුරකතන අංක, Facebook IDs, සම්පූර්ණ නම්, location, උපන්දිනය, bio සටහන් සහ email address ඇතුළත් වන බව business Insider වෙබ් අඩවිය පෙන්වා දෙනවා.

මෙම දත්ත වසරකට වඩා පැරණි යැයි විශ්වාස කෙරෙන නමුත් ආරක්ෂක විශේෂඥයන් පවසන්නේ මෙම තොරතුරු තවමත් අපරාධකරුවන්ට අනන්‍යතා වංචා කිරීම (Fake account නිර්මාණය කර සිදු කරන වංචා) සඳහා යොදා ගත හැකි බවයි.

මෙසේ දත්ත කාන්දු වී ඇති පරිශීලකයන් අතර එක්සත් ජනපදයේ පරිශීලකයින් මිලියන 32 ක්, එක්සත් රාජධානියේ මිලියන 11 ක් සහ ඉන්දියාවේ පරිශීලකයන් මිලියන 6 ක් ඇතුළත් වන අතර, ලොව පුරා රටවල් 106ක පරිශීලකයින්ගේ දත්ත මේ අතර ඇති බව වාර්තා වෙනවා.

මෙම Leak වූ දත්ත භාවිතා කරමින් අපරාධකරුවන්ට පුද්ගලයින්ගේ පෞද්ගලික තොරතුරු භාවිතා කරමින් ඔවුන්මෙන් ව්‍යාජව පෙනී සිටිය හැකි බව සයිබර් අපරාධ බුද්ධි අංශ ප්‍රධානී Alon Gal පවසයි. මෙම කාන්දුවූ දත්ත පිළිබදව මුලින්ම අනාවරණය කරනු ලැබුවේද Alon Gal  විසිනි.

දැන් සමස්ථ දත්ත එකතුවම හැකින් පිළිබදව ඇති forum එකකට මුදාහැර ඇති අතර එය මූලික කුසලතා ඇති ඕනෑම කෙනෙකුට පුළුල් ලෙස ලබා ගත හැකිය. Facebook වැනි සමාගමක් මීටත් වඩා පරිශීලකයින්ගේ දත්ත වලට ගරුකල යුතු බව Alon Gal කියා සිටියේය.

Facebook සමාගමෙහි ප්‍රකාශකයෙකු මේ පිළිබඳව අදහස් දක්වමින් කියා සිටියේ, මෙය මීට පෙර 2019 දී වාර්තා වූ පැරණි දත්ත බවත්, ඔවුන් 2019 වර්ෂයේ අගෝස්තු මාසයේදී එම ගැටළුව නිරාකරණය කළ බවත්ය.

Related Articles