• March 29, 2024
  • Last Update March 18, 2024 9:04 AM
  • Sri Lanka

ලොවට කැසට් පටය හදුන්වා දුන් Lou Ottens දිවියෙන් සමු ගනියි.

ලොවට කැසට් පටය හදුන්වා දුන් Lou Ottens දිවියෙන් සමු ගනියි.

ලොවට මුල් වර කැසට් පටය  හඳුන්වාදුන් Lou Ottens මහතා  පසුගිය මාර්තු 6 දින දිවියෙන් සමුගෙන ඇති බව වාර්තා වෙනවා.   

1926 වර්ෂයේ උපත ලැබූ ඔහු මිය යන විට වසර 94ක් වූ අතර, ඔහු උපන් නගරය වන නෙදර්ලන්තයේ Duizel වලදී ඔහුගේ අවසන් කටයුතු සිදු කිරීමට කටයුතු කර තිබෙනවා. 

1960 දශකයේ මුල් භාගයේදී Phillips ආයතනයේ සේවය කළ මොහු විසින් එවකට පැවති ප්‍රමාණයෙන් විශාල මෙන්ම මිලෙන් අධික reel-to-reel tape තාක්ෂණය වෙනුවට, සාමාන්‍යය ජනතාවට පහසුවෙන් භාවිතා කළ හැකි, මිලෙන් අඩු විසඳුමක් ලබාදීම කෙරෙහි අවධානය යොමු කර තිබුණා. 

IDM- buy aluthsl

ඒ අනුව 1963 වර්ෂයේදී Berlin Radio electronics fair event එක අතරතුරදී මොහු විසින් එළිදැක්වුණු මුල්ම කැසට් පටය ඉතාමත් ඉක්මණින් ලොව පුරා ව්‍යාප්ත වන්නට වූ අතර එතැන් සිට මේ දක්වා කැසට් පට බිලියන 100කට අධික ප්‍රම‍ාණයක් ලොව පුරා අලෙවි වී ඇති  විදෙස්  තොරතුරු වලින්  දැනගන්නට ලැබෙනවා. 

මෙලෙස එළිදැක්වූ කැසට් පට තාක්ෂණය ලොව පුරා අනෙකුත් සමාගම් වලට නොමිලයේ භාවිතා කිරීමට අවසර ලබාදීමට ද මොහු කටයුතු කරනු ලැබූ අතර එය මෙම තාක්ෂණය ලොව පුරා ප්‍රචලිත වීමට ද එය මහත් රුකුලක් වී තිබෙන වා. 

එමෙන්ම 1982 වර්ෂයේදී Sony සහ Philips සමාගම් එකතු වී ප්‍රථම compact disc (CD) එක නිර්මාණය කිරීමේදී ද ඒ සඳහා Philips සමාගමේ කණ්ඩායම වෙනුවෙන් Lou Ottens මහතා ඔහුගේ තාක්ෂණික සහයෝගය ලබාදී තිබෙනවා. 

 

Related Articles