• April 19, 2024
  • Last Update April 16, 2024 1:31 PM
  • Sri Lanka

ලොව පළමු තිරය ඇතුලෙන් පිහිටි කැමරාවක් සහිත Samsung Blade Bezel එළිදැක්වේ

ලොව පළමු තිරය ඇතුලෙන් පිහිටි කැමරාවක් සහිත Samsung Blade Bezel එළිදැක්වේ

තාක්ෂණික ලෝකේ නව පෙරලියක් කිරීමට  Samsung සමාගම  මේ වන විට සමත්ව තිබෙනවාඑනම් ලොව පළමු Under Screen කැමරාවක් සහිත Laptop එකක් එළිදැක්වීමට Samsung සමාගම පසුගියදා කටයුතු කළා. 

මෙම මාදිලිය Blade Bezel ලෙස නම් කරන ලදී , CES-2021 ප්‍රදර්ශනයේදී එලිදැක්වීමට Samsung සමාගම කටයුතු කර ඇති අතර මෙම Laptop එකේ ඇති තුනී තිරය මේ වන විට තාක්ෂණිකලෝකය පුරාවට නව කතාබහක් ඇති කරවීමට සමත් වී තිබෙනවා. 

ඒහි  ඇති OLED තිරය සම්පූර්ණයෙන්ම Bezel Less Display එකක් වෙන අතරසාම්ප්‍රදායික Laptop වල ඇති Display panel එක 2.1mm ක වත් අඩුම ඝනකමකින් යුතු වුවත්මෙම Panel එක 1mm තරම් ප්‍රමාණයටඉතාම සිහින්ව නිර්මාණය කර තිබෙනවා. 

එමෙන්ම සාම්ප්‍රදායික Laptop වලට වඩා ඝනකමින් අඩු ලෙස නිර්මාණය කර තිබූ මෙම Blade Bezel Laptop එක දැනට වෙළඳපොලේ තිබෙන Apple MacBook Air මාදිලියටත් වඩා ඝනකමින් අඩු බව පැවසෙනවා. 

Blade Bezel මාදිලිය අඟල්13,14 හා 16 ලෙස මාදිලි කිහිපයක්ම නිකුත් කරනු ඇති බව ඇතැම් වෙබ් අඩවි වාර්තා කර තිබූ අතරකෙසේ වුවත් 

Samsung සමාගම විසින් CES 2021 ප්‍රදර්ශනයයේදී එම කාලරාමු ප්‍රකාශයට පත් නොකළ බවත් මෙහිදී සඳහන් කල යුතු වෙනවා. 

හැබැයි ඉතින් හරි පරිස්සමෙන් පාවිචි කරන්න වෙනවා මොකද  Display එකට මොකක් හරි පොඩි හානියක්  වුනොත් sorry ම තමා .  ?

 

Related Articles