• March 29, 2024
  • Last Update March 18, 2024 9:04 AM
  • Sri Lanka

ලොව ප්‍රථම Gaming Web Browser එක Opera GX

ලොව ප්‍රථම Gaming Web Browser එක Opera GX
Game සෙල්ලම් කරන අයනම් මේ වෙනකොට දන්නවා ඇති E3 Event එක ගැන මොකක්ද  මේ E3 ,E3 එහෙමත් නැතිනම් Electronic Entertainment Expo යමු ලෝකයේ Gaming වලට සම්බන්ධ ආයතන එකතුවෙලා ඔවුන් ගේ අලුත් Games,Gaming Technology, Hardwares පළමු වරට ඉදිරිපත් කරන විශාල  Event එකක්.
මේ Event ඒකට Microsoft, Xbox, PlayStation ,වගේ තවත් Gaming වලට සම්බන්ධ ආයතන එකතුවෙලා තමන් ගේ නිර්මාණ එලි දැක්කු අතර ,Opera සමාගම විසින් ඔවුන් ගේ Opera GX නමින් Gaming ලොව ප්‍රථම Web Browser එකක් හදුන් වා  දුන්නා.

අලුත් games වල news අඩුමිලට Games මිලදී ගැනීම් Deals ගැන විස්තර වැනි බොහොමයක් දෑ මේ Opera GX තුලින් ඔබට දැකගන්න පුළුවන්.
Video-game play කරන්නන් සඳහාම සුවිශේෂී වූ පහසුකම් රැසක් මෙයට එකතු කිරීමට Opera ආයතනය කටයුතු කර තිබුණත්, සාමාන්‍යය පුද්ගලයෙකු හට වුවත් මෙම පහසුකම් ඉතාමත් ප්‍රයෝජනවත් බව බොහෝ දෙනා අදහස් දක්වනවා.
Built-in RAM සහ CPU limiter එකක් ඇති ප්‍රථම Web Browser එක මෙය වන අතර මෙම Option එක හරහා ඔබ Game එකක් play කරනවිට Web Browser එක විසින් ඔබගේ පරිගණකයේ RAM එක සහ CPU එක භාවිතා කිරීමේ සීමාව සඳහන් කළ හැකි අතර ඒ හරහා Game එකට resources මදි වීමේ ගැටළුව වලක්වා ගැනීමට හැකියාව ලැබෙනවා.
opera-gx features tech news sri-lanka
පහළින් Download කරගන්න.
Downlod button

Related Articles