• March 29, 2024
  • Last Update March 18, 2024 9:04 AM
  • Sri Lanka

ලොව මෙතෙක් ජීවත්වූ ධනවත්ම පුද්ගලයා – මාන්සා මූසා

ලොව මෙතෙක් ජීවත්වූ ධනවත්ම පුද්ගලයා – මාන්සා මූසා

මාර්වල් කොමික්ස් නම් අතිමහත් ප්‍රබන්ධ විශ්වයේ, බ්ලැක් පැන්තර් ලෙස වඩාත් හොඳින් දන්නා ටී’චල්ලා, වකන්ඩා රජු පමණක් නොව, ඔහු ඒ සියලු වීරයන් අතර ධනවත්ම සුපිරි වීරයා ද වේ.  වර්තමානයේ ජීවත්ව සිටින ධනවත්ම පුද්ගලයා යන මාතෘකාව සඳහා වන අද සටනට කෝටිපති ව්‍යාපාරකයින් අතර කඹ ඇදීමක් තිබුණද, මානව ඉතිහාසයේ ධනවත්ම පුද්ගලයා වන මාන්සා මූසා, මාර්වල් විශ්වයේ පළමු කළු සුපිරි වීරයා මෙන්ම අප්‍රිකානු ජාතිකයෙකි. මෙලොව ජීවත් වූ ධනවත්ම පුද්ගලයා ලෙස සැලකෙන මාන්සා මූසා පිළිබද බොහෝ දුරට ඉතිහාස රචකයන් අමතක කර ඇත්තේ අප්‍රිකාව කෙරෙහි ඔවුන්ගේ අවධානය යොමු කිරීම හා අධ්‍යයනය නොකිරීම නිසා ය.

1312 දී මූසා මාලි අධිරාජ්‍යයේ පාලකයා බවට පත්විය. ඔහුට පෙර පාලකයා වූයේ දෙවන අබු-බකර්ය. මුසා ඔහුගේ නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස සේවය කළ බව කියැවේ. එහෙත් අබු බකර් අත්ලාන්තික් සාගරයේ මායිම සොයා ගැනීම සඳහා මුහුදෙන් ගිය ගමනකදී අතුරුදහන් විය. ඉන් පසු බලයට පැමිණියේ මුසාය. මුසාගේ පාලනය පැමිණියේ සිවිල් යුද්ධ සහ සම්පත් හිඟකම හේතුවෙන් යුරෝපීය ජාතීන් අරගලයක යෙදී සිටි අවධියක ය.  එම කාලය තුළ මාලි අධිරාජ්‍යය සමෘධිමත් වූයේ රන් හා ලුණු වැනි ස්වාභාවික සම්පත් නිසාය.

රන් හා ලුණු වෙළඳාමෙන් මුසා ඉතා විශාල මුදලක් සොයා ගත් බව කියැවේ. මුසාගේ පාලනය යටතේ මේ සමෘද්ධිමත් අධිරාජ්‍යය, බටහිර අප්‍රිකාවේ සැලකිය යුතු කොටසක (අත්ලාන්තික් වෙරළ තීරයේ සිට දේශීය වෙළඳ මධ්‍යස්ථානයක් වන ටිම්බක්ටු සහ සහරා කාන්තාරයේ සමහර ප්‍රදේශ දක්වා) විහිදී ගියේය. මූසා සිංහාසනයේ සිටියදී භූමිය වර්ධනය වෙත්ම එහි පුරවැසියන්ගේ ආර්ථික තත්වයද වර්ධනය විය.

1324 වන තෙක් මාලි දේශ සීමාවෙන් පිටත ලෝකයට රජුගේ විශාල ධනය පිළිබඳ අවබෝධයක් ලැබුනේ නැත. භක්තිමත් මුස්ලිම්වරයකු වන මුසා සිය හජ් වන්දනා ගමන සඳහා මක්කම බලා පිටත් විය.  නමුත් ඔහු තනියම ගමන් කළේ නැත. සැතපුම් 4,000 ක පමණ දුරක් ගමන් කළ යුතු මෙම ගමනට මුසා සහ දස දහස් ගණනක් සොල්දාදුවන් හා වහලුන්ද ඇතුළත් විය. මුහුදු ගමනට සහභාගී වූ නිශ්චිත සංඛ්‍යාව පිළිබඳ වාර්තා හිඟ වුවත්, මුසා සමඟ පැමිණි රථ වල ඔටුවන් හා අශ්වයන් සමඟ රන් පවුම් විශාල ගණනක් තිබූ බවට වාර්තා වේ.

මෙය මූසා පසුකර ගිය ප්‍රදේශවල පදිංචිකරුවන් විසින් දැක ඇති අතර, මෙතරම් විශාල පිරිසක් හා ධනයක් දැකීමෙන් ඔවුන් පුදුම වූ බව කියැවේ. වාර්තා වල කියැවෙන පරිදි මුසා මග දෙපස සිටි ජනයාට රත්‍රන් දුන් බවද කියැවේ. 

මුසා සිය රත්රන්, පල්ලි විශාල ප්‍රමාණයක් තැනීම සඳහා යොදා ගත් අතර පුරාවෘත්තයට අනුව ඔහු සිය පාලන සමයේ සෑම සිකුරාදා දිනකම එක පල්ලියක් ඉදි කළේය.  ඔහු විසින් ඉදිකරන ලද මුස්ලිම් පල්ලි අතරින් වඩාත් ප්‍රචලිත වන්නේ මාලි හි ටිම්බක්ටු හි ජින්ජුරෙබර් පල්ලියයි.

මූසාගේ ධනය ඩොලර් බිලියන 400 ක් පමණ යැයි විද්වතුන් විශ්වාස කෙරේ.  මූසාගේ ධනයට සමීප වන එකම පුද්ගලයා ජෝන් ඩී. රොක්ෆෙලර්ය. ඩොලර් බිලියන 336 ක් පමණ ධනයක් ඔහුට ඇති බව ආර්ථික විද්වත්හු විශ්වාස කරති.

අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී.

 

 

Related Articles