• April 20, 2024
  • Last Update April 16, 2024 1:31 PM
  • Sri Lanka

ලොව විශාලතම ගුවන් යානා සුසාන භූමිය ( Video )

ලොව විශාලතම ගුවන් යානා සුසාන භූමිය ( Video )

ඇතැම් විට ඔබ මේ ලිපිය කියවනකොට ගුවන් යානයකින් පියාසර කර තිබෙන්නට පුළුවන් නැතිවෙන්නත් පුළුවන් ඉතින් අපි කවුරුත් හිතන් නැති පැත්තක් ගැන තමයි කියන්න හදන්නේ .ඒ තමයි භාවිතයෙන් විශ්‍රාම යන ගුවන් යානා වලට මොකද වෙන්නේ කියලා හිතුවද ? ?

ලොව ගුවන් යානා භාවිතය ඉහල යාමත් සමග  ඒවා දීර්ඝ කාලීනව භාවිතා කොට ඉවත් කිරීම ලෙහෙසි කටයුත්තක් වුනේ නැහැ. මොකද අපේ බස් ඩිපෝ එකට ගෙනත් දානවා වගේ වැඩක් නෙමෙයි මේක ?. මේවා නවත්වා තබාගන්න විශාල ඉඩ ප්‍රමාණයක් අවශ්‍ය වනවා.  

ඉතින් අතීතයේ පැවති යුද්ධ කටයුතු සදහා ගුවන් යානා බොහෝ ලෙස ලෝකය පුරා යොදා ගත්තා . එහෙයින්, 1946 ඇමරිකානු ගුවන් හමුදාව භාවිතයෙන් ඉවත් කල B-29 Superfortress වර්ගයේ ගුවන් යානා 600 ක් සහ  C47 skytrain වර්ගයේ යානා 200 ක් සමගම ඇමරිකාවේ ඇරිසෝනා ප්‍රාන්තයේ Davis – Monthan  ගුවන් යානා අංගනය ඇරඹුම වී තිබෙනවා. මෙය ආරම්භ වූයේ ඇමරිකානු ගුවන් හමුදාවේ ගුවන් යානා නවතා තැබීමටයි. 

 

නමුත් ,මෙහි දැනට ලොව නන් දෙසින් පැමිණි ගුවන් යානා 4500 ක් පමණ ඇති බව සදහන් . මිසයිල ගුවන් යානා ද මෙයට එක්ව තිබෙනවා.  

මෙය ලොව පවතින විශාලතම ගුවන් යානා සොහොන නමින් හදුන්වනු ලබනවා.විශේෂත්වය වන්නේ මෙම ගුවන් යානා නැරඹීමට හැකි ලෙස මෙය කෞතුකාගාරයක් ලෙස සාමාන්‍ය ජනයාට විවෘත වීමයි. නරඹන්නන් අවුරුදු 16 හෝ 16ට වැඩි ,තම අනන්‍යතාවය තහවුරු කිරීම හැකි අය වියයුතුය . ඇතුල් වීමට ඇමරිකානු ඩොලර් 10 ක් අය කරනවා. Online  ticket නම් ගන්න බැහැ.එසේම අවි-ආයුධ , කැමරා බෑග් වැනි දෑ ඔබට රැගෙන යාමට නොහැකියි. 

අවශ්‍ය නම් කැමරාව පමණක් රැගෙන යා හැකියි. ඔන්න සල්ලි තියෙනවනම් බලන්න යන්නම ඕනේම  තැනක් හැටියට මට හිතෙන්නේ.

 

Related Articles