• April 19, 2024
  • Last Update April 16, 2024 1:31 PM
  • Sri Lanka

ලොව විශාලතම දුරේක්ෂය විවෘත කරයි ( video ) The World’s Largest Telescope

ලොව විශාලතම දුරේක්ෂය විවෘත කරයි ( video ) The World’s Largest Telescope

චීනයේ අහස් ඇස ”(FAST) ලෙස හැඳින්වෙන, මීටර් 500 ක විවරයක් සහිත ගෝලාකාර ගුවන් විදුලි දුරේක්ෂය

මේ වසරේ අප්‍රේල් මස පළමුවැනිදා සිට නිල වශයෙන් ලෝක විද්‍යාත්මක ක්ෂේත්‍රයට විවෘත වන අතර ලොව පුරා විද්‍යාඥයින්ගෙන් නිරීක්ෂණ අයදුම්පත් ලබා ගැනේ.

අප්‍රේල් මස පළමුවැනිදා සිට, ලොව පුරා විද්‍යාඥයින්ට මාර්ගගතව නිරීක්ෂණ අයදුම්පත් ඉදිරිපත් කළ හැකිය.

නිරීක්ෂණ අයදුම්පත් එම ගෝලාකාර ගුවන් විදුලි දුරේක්ෂයේ විද්‍යාත්මක කමිටුව සහ අදාළ මණ්ඩලය විසින් තෝරා ගැනීමෙන් පසු අගෝස්තු මස පළමුවැනිදා සිට නිරීක්ෂණ උපලේඛනය සකස් කිරීමට යොදා ගැනේ.

චීනයේ අහස් ඇස ගෝලාකාර ගුවන් විදුලි දුරේක්ෂය ලෝකයේ විද්‍යාත්මක ක්ෂේත්‍රයට විවෘත වන මෙ‍ම පළමු වසරේ, විදේශ විද්‍යාඥයින් සඳහා අනුමත කළ නිරීක්ෂණ කාලයෙන් 10% ක් වෙන් කෙරෙනු ඇතැයි වාර්තා වේ.මෙය චීනය අන්තර්

ජාතික අභ්‍යාවකාශ සහයෝගතාවන් පිළිබඳ දක්වන අවධානය වඩාත් පැහැදිලි වන අවස්ථාවක් ලෙසට ද සැලකේ.මෑත කාලයේ දී චීනය අභ්‍යාවකාශ ක්ෂේත්‍රයේ ලබා ගත් ජයග්‍රහණයන් අනාගත සහයෝගතාවන්‍ටද ඉවහල් වනු ඇත.

FAST දුරේක්ෂය මගින් සාම්ප්රදායියක දුරේක්ෂ නිර්මාණයේ සීමාව ඉක්මවමින් අධි විශාල ගුවන් විදුලි දුරේක්ෂය සෑදීමේ නව ක්රමය නිර්මාණය කර තිබේ.

එමගින් චීනය අභ්යවකාශය ගවේෂණය කිරීමේ පරාසය තවත් සිව් ගුණයකින් පුළුල් කරමින් විද්යාඥයන් අභ්යවකාශය පිළිබඳ සොයා ගැනීමේ හැකියාවන් තවදුරටත් ඉහළ නංවා ගනු ඇත.

Related Articles