Aluthsl

2020 වන විට Uber සමාගම ගුවන් Taxi ආරම්භ කරයි – Video

2020 වන විට Uber සමාගම ගුවන් Taxi ආරම්භ කරයි – Video
මේ වෙනකොට වේගයෙන් ලෝකේ පුරා තාක්ෂණය  දියුණු වෙමින් යනවා .ඉතින් අපි කවුරුත් දන්න සමාගමක් විසින් නව Taxi ක්‍රම වේදයක්  2020 වෙනකොට එළි  දක්වන්නට සුදානම් වෙනවා.
අපි එදිනදා ගමනක් යන්න පෞද්ගලික වහනයක් නැති නම්, බොහෝ විට taxi සේවාවක් භාවිත කීරීම සුලබ යි. ඒ සේවාවන් අතරින් ලෝකය පුරාම ජනප්‍රිය සේවාවක් විදිහට Uber සේවාව අපට හදුන් වන්න පුළුවන්.
ඔබට මතක් ඇති google සමාගම 2016 වසරේ අප්‍රේල් 1 වෙනි දා (April Fool’s Day එක, එහෙමත් නැතිනම් මෝඩයාගේ දිනය) සමරන්නට Self-driving bicycle පිළිබඳ videoවක් නිකුත් කළා.එම කතාව සත්‍යයක් නොවුණත්,
මේ වෙද්දී Uber සමාගම ඒ තාක්ෂණය සැබවින්ම නිර්මාණය කිරීමේ කටයුත්තට මුලපුරලා තිබෙනවා. මේ වෙන කොට Uber scooter, bike වෙත මේ autonomous තාක්ෂණය යොදාගැනීම අත්හදා බැලෙමින් පවතින බව 3D Robotics ආයතනයේ CEO වන Chris Anderson තම twitter ගිණුමේ නිවේදනයක් පළකරමින් ප්‍රකාශ කරති බෙනවා.

uber

යුරෝපයේ රටවල් කිහිපයක uber jump සේවාව පවත්වාගෙන යනවා. ඒ හරහා ඔබට bikes හුවමාරුව මඟින් ගමනාගමනයේ යෙදෙන්න හැකියාව ලැබෙනවා. මේ ක්‍රමවේදයේම නව පිම්මක් ලෙසින් තමයි ඔවුන් Autonomous තාක්ෂණය යොදා ගන්නට අදහස් කරන්නේ. ඊට අමතරව පසුගිය දිනෙක යුරෝපයේ ධාවනය වන uber electronic වාහන වෙත swap කළ හැකි බැටරි තාක්ෂණය හඳුන්වා දුන්නා. මේ හරහා ධාවනයේ යෙදෙමින් සිටින රථයකට හදිසියේ අතරමඟ නවත්වා charge කර ගැනීමට අවශ්‍ය නොවේ.
CES 2019 අන්තර්ජාතික තාක්ෂණික පාරිභෝගික ඉලෙක්ට්‍රොනික ප්‍රදර්ශනයෙදී. එහිදී Uber සමාගම තම අනාගත නිර්මාණ පිළිබද ඉදිරිපත් කිරමක් සිදු කරා. ඒ හිදී  ගුවන් යානා  නිෂ්පාදනය කරන සමාගමක් වන Bell සමාගම සමග ගුවන් Taxi සේවක් ආරම්භ කිරීමට සූදානමින් සිටින බව ඔවුන් එහිදී නිවේදනය කළා.
මේ ගුවන් යානය Bell Nexus නමින් හදුන්වා දී තිබෙනවා. ගුවන් යානය බර කිලෝග්‍රෑම් 272 වන අතර මිනිසුන් 5 දෙනෙක් ගේ බර එසවිය හැකි බව ඔවුන්  පෙන්නවා දෙනවා.
කොහොම නමුත් 2020 මැද  භාගය වන විට මෙය වෙළද පොළට නිකුත් කිරීමට ඔවුන් සුදානම් බව ප්‍රකාශ කරනු ලබනවා.

 
 
 
administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

0