• April 24, 2024
  • Last Update April 16, 2024 1:31 PM
  • Sri Lanka

2025 වන විට windows 10 අතරහැරීමට Microsoft සමාගම තීරණය කරයි ( Video )

2025 වන විට windows 10 අතරහැරීමට Microsoft සමාගම තීරණය කරයි ( Video )

ඔබට මතක ඇති Windows වල මීළඟ සංස්කරණය ජුනි 24 වැනි දින එළිදැක්වීමට සූදානම් වන බව

මීට පෙර ලිපියකින් අපි ඔබව දැනුවත් කලා මතක ඇති. බලපු නැති කෙනෙක් නම් මෙතනින් බලන්න.

ඉතින් Microsoft සමාගම විසින් Windows 10 සඳහා ලබාදෙන සහාය 2025 ඔක්තෝබර් 14 වන දිනෙන් අවසන් කරන බව

සඳහන් කරන අතර support page එකෙහි සඳහන් වන ආකරයට මෙය Windows 10 Home සහ

Pro (Pro Education, Pro for Workstations) යන Windows editions සඳහා වලංගුවෙනවා.

කොහොම නමුත් බන සතියේ එළිදැක්වීමට නියමිත Windows හි නව version එක Windows 10 ලෙස නිකුත් නොවනු ඇතැයි විශ්වාස

කිරීමට බොහෝ දෙනා පෙළඹී තිබෙන පසුබිමක ඉදිරියේදී නිකුත් කිරීමට නියමිත Windows සංස්කරණයේ යැයි සැලකෙන

Windows 11 හි නව UI එක දැක්වෙන screenshots සහ videos කිහිපයක් අන්තර්ජාලයට නිකුත් වී තිබෙන බවද දැකගැනීමට පුළුවන්.

තවද Windows 11 සමඟ නව startup sound එකක් ලබාදීමටද Microsoft සමාගම කටයුතු කර තිබෙනවා.

මෙලෙස අන්තර්ජාලයට නිකුත් වී ඇති තොරතුරුවලට අනුව, මීළගට නිකුත් වීමට නියමිත Windows version එකෙහි තරමක් විශාල UI වෙනස්කමක් දැකගැනීමට හැකියාව ලැබෙනවා.

Sri-Lanka-Software-Store

Related Articles