A new way to speed up the Internet

මේ වෙනකොට දිනෙන් දින ලෝකෙට අලුත් දේවල් එකතු වෙනවා, අලුත් දේවල් සොයාගන්නවා. ඉතින් අපිට මේ වෙනකොට නැතුම බැරිදෙයක් තමයි  internet කියන්නේ. මේ වෙනකොට internet යෑමට විවිධ දේවල් පාවිචිචි කරනවා 3G , 4G , 5G , cable connection වැනි දෑ ඒ අතර වෙනවා. මේ අතරින් වැඩිම  speed එකක්  තිබෙන්නේ cable connection වල බව  ඔබ දන්නවා ඇති.Fibra alt

ඒ අතරින් වැඩි තැනක් Fiber Optical Cable එකට හිමිවෙනවා මොකද එහි Speed එක වැඩි නිසා. කාචයක් ආලෝකය   හාකුළුවා එකතු කරගන්නාක් මෙන් ප්‍රකශන තන්තු හෙවත් Fiber Optical Cable ක් තුළින් හුවමාරු වන තොරතුරු හකුළුවාලිය හැකි අලුත් ක්‍රමයක් දැන් සොයා ගෙන තිබෙනවා. මේ නිසා අන්තර්ජාලය ඇතුළුව ඇති ඕනෑම ප්‍රකාශන තන්තු ජාලයකදී තත්පරයට මීටර් මිලියන 200 ක් වේගයකින් තොරතුරු හුමාරු කරන්න පුළුවන්, මේ නිසා දැන් තිබෙන වේගයට වඩා 25 ගුණකින් අන්තර්ජාල වේගය වැඩි කරන්න පුළුවන් බවයි, මේ සොයාගැනීම් කල ඇමෙරිකාවේ කොනෙල් විශ්ව විද්‍යාලයේ මාක් ෆොස්ටර් ඇතුළු පර්යේෂණ පිරිස කියයි.

අන්තර්ජාලය තුලින් තොරතුරු හුවමාරු වෙන්නේ Data gram හෙවත් පැකට් වශයෙනි. Fiber Optical Cable තුල Data Gram එකක් නිරුපණය කරන්නේ ආලෝක තරංග වලිනි. එහිදි ආලෝක තරංගයක් තුල තිබෙන අපේ ඇසට පෙනෙන සහ නොපෙනෙන විවිධ වර්ණ නම් කරන්නේ ඒවායේ තරංග ආයාමයන් හෙවත් Bandwidth එකෙනි.

ඒවායේ ශක්තිය මනින්නේ සංඛ්‍යාතය හෙවත් Frequency එ කෙනි. දැන් තිබෙන විදුලි සංදේශ තාක්ෂණ භවිතා කරමින් උත්පාදනය කරන්නේ 10GHz තරම් සංඛ්‍යාතයක් ඇති තොරතුරු ගෙන යන ආලෝක ස්පන්ද හෙවත් පල්ස් (Pulse )ය.

කොනෙල් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් සොයා ගෙන ඇති ක්‍රමයට අනුව තොරතුරු ගෙන යන ආලෝකය තරංගවල Bandwidth එක හකුළුවාලු විට සාමාන්‍ය විදිහටම එහි  සංඛ්‍යාතය වැඩි වේ. එනම් පල්ස්වල ශක්තිය වැඩිවේ. එවිට කලින් ඒවාට වඩා වේගයෙන් හුවමාරු කළ හැකි වෙනවා. මෙලෙස තොරතුරු ගෙන යන ශක්තිය වැඩි කිරීමට යොදාගන්න අලුත් උපාංගය හදුන්වන්නේ Silicon Wave guides ලෙසය.

Silicon Wave guides එකක් තුලදී තොරතුරු ගෙන යන ස්පන්දය නිපදවන්නේ ඩිජිටල් සංඥා නිරුපණය වෙන සේ ඇති කෙරෙන සියුම් ලේසර් උත්පාදන රැසක් මගිනි. ඉන්පසු එය Fiber Optical Cable ය තුලට යොමු කරයි. එ තැන් සිට එය ගමන් කරන්නේ අලුත් ශක්තියක් ඇති ලෙස, හෙවත් කලින්ට වඩා වේගයෙනි.

Silicon Wave guides ගණනාවක් එක් කොට තනා ඇති සම්පුර්ණ උපකරණය පර්යේෂකයින් විසින් හදුන්වා දෙනු ලැබේ Time Telescope ලෙසය . අන්තර්ජාලයේ තොරතුරු හුවමාරු කෙරෙන Data packet වල අඩංගු තොරතුරු ප්‍රමාණය Time Telescope යෙන්  වැඩි  කොට දෙයි දැනට Data packet වලින් හුමාරු කරන්නේ bit 24 ක තොරතුරු ප්‍රමාණයක්. එහෙත් ආලෝක ස්පන්ද හකුළුවා Data gram කින් හුවමාරු කෙරෙන තොරතුරු ප්‍රමාණය අඩුකරන්න පුළුවන්. අනෙක් අතට Time Telescope Data gram එකකප්‍රමාණය කුඩා කෙරේ  එමගින් අන්තර්ජලයේදී තොරතුරු හුමාරු වෙන වේගය ඉහළ නංවන්නට පුළුවන්. ඉදිරියේදී අපිටත් මේ  වේගවත් අන්තර්ජාලය අත්විදින්න පුළුවන් වෙයි.