• April 19, 2024
  • Last Update April 16, 2024 1:31 PM
  • Sri Lanka

All-in-One Tool for iOS Devices 3uTools – ලේසියෙන්ම වැඩ කරගමු

All-in-One Tool for iOS Devices 3uTools – ලේසියෙන්ම  වැඩ කරගමු
 ඔන්න apple iPhone , Tab සහ iPod බාවිතා කරන අයට වටිනා Software එකක් තමා අද අරන් අරන් අවේ.
අපි සාමාන්‍යයෙන් iPhone එකක ඇති ෆොටෝ, සි‍ංදු, ඇප්ස් පරිගණකයේ සිට කළමණාකරන කටයුතු සිදු කරන්නේ iTunes මෘදුකාංගයෙන්.
ඉතින් අප මෙම ලිපියෙන් හදුන්වාදෙන 3uTools  Software එම කාර්‍යයන් සියල්ල වඩාත් ලෙහෙසියෙන් කරගන්න පුළුවන්. iTunes යනු apple සමාගමේ official මෘදුකාංගයයි.
මෙය බාවිතා කරන ඔබ දන්නවා ඇති iTunes මගින් වැඩ සිදු කිරීම තරමක් අපහසුයි. හදිසියට පරිගණකයේ ඇති සිංදුවක් copy කරගන්න, App එකක් install කරගන්න, Backup එකක් දාගන්න තරමක කට්ටක් කන්න වෙනවා.
ඉතින් එම කටු කිසිවක් නැතිව මෙම 3uTools මෘදුකාංගයෙන්  ඔබට අවශ්‍ය සියළුම වාගේ සේවාවන් කරගන්න පුළුවන්. කරගන්න පුළුවන් වැඩ කිහිපයක්, 
  • පරිගණකයේ ඇති apps, photos, music, ringtones, videos ඇපල් උපාංගයට copy කරගන්නත් Phone එකේ ඇති දත්ත පරිගණකයට copy කරගන්නත් පුළුවන්. ඒ කියන්නේ file manager උපාංගයක් මෙන් ක්‍රියා කරනවා.
  • ඇපල් උපාංගයේඇති contacts, photos, files , apps Backup කරගන්න පුළුවන්.
  • අයිෆෝන් එකේ අනවශ්‍ය files remove කරලා clean කරගන්න පුළුවන්.
  • ඔබට කැමති Ring Tone එකක් දාගන්නත් පුළුවන්.
  • පරිගණකයේ ඇති වීඩියෝ ෆයිල් ෆෝන් එකේ play වෙන ව්දියයට size එක අඩු කරලා convert කරගන්නත් පුළුවන්.
  • ෆෝන් එකේ screen එක real-time පරිගණකයේ දර්ශනය කරන්නත් පුළුවන්.
3utools -aluthsl.com

Downlod button

 

 

 

 

 

 

 

 

 

 

 

Related Articles