Asterix හෙවත් සූර පප්පා කාටුනය හැදුනු හැටි

කොයි කවුරුත් අස කරන දෙයක් ගැන ඔයාලට ගෙන්න හිතුනා,

අපි කොයි කවුරුත් Cartoon බලන්න ආසයි ඉතින් ඔය  අතරින් අදටත් ආස කරන Cartoon එක තමා “සූර පප්පා”

මෙහි මුල් නම Asterix ලෙස තමා නිකුත් වෙන්නේ පසුව විවිධ රටවල් වලට මේක පරිවර්තනය වෙනකොට නාමෙහි වෙනස් වුණා.

Asterix  මුල් කතා මාලාවෙ ඉතිහාසය 1959 කරා දිවෙනවා.

ම්ම්… 1959 දී රේඩියෝ ලක්සම්බර්ග් ආයතනය විසින් ගොසිනි සහ උඩර්සෝ වෙත පැමිණෙන්නේ අලුත්ම චිත්‍ර කතා සඟරාවක් සඳහා සම්බන්ධ වීමට

[caption id="attachment_1991" align="alignright" width="445"] Gilberte Goscinny ගොසිනි සහ උඩර්සෝ[/caption]

ආරාධනා වක් ලැබෙනවා. ඔවුනට අවශ්‍ය වූයේ ඇමෙරිකානු චිත්‍ර කතා ආකෘතිය වෙනුවට ප්‍රංශ චිත්‍ර කතා ආකෘතිය අනුගමනය කරමින්,

ප්‍රංශ සංස්කෘතිය හා බැඳුණ​, සියලුම වයස්වල අයට රසවිඳිය හැකි නැවුම් සඟරාවක් එළි දැක්වීමටයි. මේ නව අදහස සංකේතවත් කරමින්

සඟරාවට නම් තබන ලද්දේ පිලෝට් (නියමුවා) යනුවෙන්. මෙය එක්තරා ආකාරයක අවදානමක් වුනත් Asterix රසිකයන්ගේ වාසනාවට ගොසිනි සහ උඩර්සෝ මීට එකඟ වුණා.

ඒහෙත් ගොසිනි සහ උඩර්සෝ මුලින්ම සැලසුම් කළේ Asterix මෙන් වූ කතාවක් නොවේ. ඔවුන් තෝරාගත් චරිතය වූයේ රෙනාර්ඩ් නම් හිවලා යි. රෙනාර්ඩ් නම් හිවලා පිළිබඳ කතා ප්‍රංශ ඉතිහාසයේ මධ්‍යතන යුගය කරා දිවෙන ජනකතා සමූහයක් වනවා.

මේ හේතුව නිසා ම ප්‍රංශ සංස්කෘතිය සංකේතවත් වන​, එමෙන්ම මීට කලින් දැක නැති ආකාරයේ කතා මාලාවකට එය කදිම තේමාවක් වුණා.

කොහොම නමුත් සඟරාව එළි දැක්වීමට මාස දෙකක් තිබිය දී ගොසිනි සහ උඩර්සෝගේ සැලසුම් වෙනස් කිරීමට සිදු වුණා.

ඔවුනට දැනගන්නට ලැබුණේ ජෙන් ටෘබර් නම් චිත්‍ර ශිල්පියකු රෙනාර්ඩ් නම් හිවලා පාදක කරගත් කතා මාලාවක් නිර්මාණය කරන බව.

ගොසිනි සහ උඩර්සෝ සැහෙන්න අසරණ වුණා මොකද මාස දෙකක් තුළ රසිකයන්ගේ සිත් ගත් කතාවක් නිර්මාණය කරන්න ඕනේ නිසා

ඔය අතරේ ගොසිනි සහ උඩර්සෝ  ට ප්‍රංශ ඉතිහාසය ගැන තව  තව  අධ්‍යනය කරන්නට සිදුවෙනවා ඉතින් ඔවුන් සීසර්ගේ ගෝල් දේශයේ යුධ ව්‍යාපාරය කරා සොයා යනවා. 

ඉතිහාසයේ සඳහන් අන්දමට වර්සින්ගෙටෝරික්ස් නම් ගෝල් නායකයකු සීසර්ට එරෙහිව දරුණු සටනක් කරනවා. නමුත් රෝමන් හමුදාවේ යුධ ශක්තිය හමුවේ ඔහු අවසානයේ

දී යටත් වන අතර යටත් වීම සංකේතවත් කරන්නේ තමන්ගේ අවි ආයුධ සීසර්ගේ දෙපා මුල තබමින්.caesar

“වර්සින්ගෙටෝරික්ස් ආයුධ සීසර්ගේ දෙපා මුල තියන්නේ නැතිව සීසර්ගේ දෙපා වෙත විසි කළා නම් කොහොම ද​?” මේ ඔවුනට​ මතු වූ සිතුවිල්ල යි.

ඉතින් මේ ඔස්සේ සිය අදහස් මෙහෙය වූ ගොසිනි සහ උඩර්සෝ මහා රෝමන් හමුදාවට මුහුණදෙන කුඩා ගම්මානයක සංකල්පය මතු කරගත්තා. මෙය ප්‍රංශ දේශප්‍රේමයට ද කදිමට ගැළපුණා.

එමෙන්ම කුඩා පිරිසක් විසින් මහා යුධ බලයකට එරෙහිව සටන් කිරීම සාමාන්‍යයෙන් ඕනෑම ජන සමාජයක ජනප්‍රිය වන මාතෘකාවක්.

ඊට හාස්‍යය රසය එක් කිරීමෙන් රචකයා වූ ගොසිනි රසිකයන්ගේ සිත් ඇද බැඳ තබාගත්තා.

පිලෝට් පළමු කලාපය 1959 ඔක්තෝබර් 29 වන දා නිකුත් වුණා. එදින පටන් Asterix ලෝකය ම කුල්මත් කළ අතිශයින් ජනප්‍රිය කතාමාලාවක් බවට පත්වුණා.asterix en obelix covers

එය කෙතරම් ඉක්මණින් ප්‍රංශ ජනයාගේ ආදරය දිනාගත්තේ ද යත්, කතා මාලාව නිකුත් වී වසර හයක් වැනි කෙටි කාලයකට පසු 1965 දී, ප්‍රංශය විසින් දියත් කළ පළමු චන්ද්‍රිකාවට නම තබන ලද්දේ ද “ඇස්ටරික්” යනුවෙන්.

ගොසිනි 1977 දී මියගිය අතර ඉන්පසු උඩර්සෝ Asterix සඳහා චිත්‍ර ඇඳීමට අමතරව කතා ලිවීම ද සිදු කළා. 2011 දී ඔහු ඒ සියල්ලෙන් විශ්‍රාම ගත් අතර මේ

වෙද්දී ශෝන්-ඉවේ ෆෙරී රචනයෙන් ද දිදියර් කොන්රඩ් චිත්‍ර ඇඳීමෙන් ද ඊට දායක ව‍ෙනවා.

 

 

 

 

 

 

 

 

ඔය විදහට තමා තාමත් අපි අස කරන සූර පප්පා කාටුනය නිර්මාණය වෙන්නේ , තවත් කෙනෙක්ට දැනගන්න මේ  ලිපිය Share කරන්න . 😉