• April 19, 2024
  • Last Update April 16, 2024 1:31 PM
  • Sri Lanka

Call of Duty Mobile Game ඒක ඉතිහාසගත වෙයි.

Call of Duty Mobile Game ඒක  ඉතිහාසගත වෙයි.
ඒනම් පසුගිය ඔක්තෝම්බර් මස  පළමුවැනි දින Call of Duty Mobile Game එක iOS සහ Android Users ලා  හට නිළ වශයෙන් නිකුත් කිරීමට කටයුතු කරනු ලැබූ බව ඔබ ඇතැම් විට දැනුවත් ඇති.
කොහොම නමුත්  ගතවූ සති කිහිපය තුල  අධික කාලසීමාව තුළ Download කිරීමේ වාරයන් මිලියන 100 අභිබවා යමින් Mobile Game එකක් ඉතිහාසයේ වාර්ථා වී ඇති විශාලතම Game Launch එක බවට  මේ වෙනකොට පත්වීමේ අවස්ථාව Call of Duty Mobile Game එකට මේ වන විට හිමි වී තිබෙනවා.
call-of-duty-mobile-chart
සංඛ්‍යාත්මක වශයෙන් ගත් කළ ලොව පුරා ප්‍රසිද්ධ තවත් Mobile game එකක් වන PUBG Mobile නිකුත් කර පළමු සතිය ඇතුලත Download කිරීමේ වාර ගණන (Sensor Tower වෙබ් අඩවියට අනුව) මිලියන 28ක් වූ අතර Fortnite (මූලිකව iOS වලට පමණක් නිකුත් විය) වල මේ තත්ත්වය මිලියන 22.5ක් පමණ විය.
‍මෙහි විශේෂත්වය වන්නේ මේ Downloads මිලියන 100ට චීනය අයත් නොවීම වන අතර මීට හේතුව මේ Game එක තවමත් චීන‍යට නිකුත් කිරීමට මොවුන් කටයුතු කර නොතිබීමයි.
එමෙන්ම Calls of Duty Mobile Download කිරීමේ ප්‍රතිශතය ගතහොත් 57.7%ක ප්‍රමාණයක් iOS පරිශීලකයන් වන අතර එහි ආදායමෙන් 53%ක ප්‍රමාණයක්, එනම් ඇමෙරිකානු ඩොලර් මිලියන 17.7ක් ලැබී තිබෙන්නේ ද iOS පරිශීලකයන්ගෙන් බව දැනගන්නට ලැබෙනවා.

 

Related Articles