• March 28, 2024
  • Last Update March 18, 2024 9:04 AM
  • Sri Lanka

Chrome සඳහා සහාය ලබාදීමේ කාලසිමාව දීර්ඝ කරයි

Chrome සඳහා සහාය ලබාදීමේ කාලසිමාව දීර්ඝ කරයි
Google සමාගම විසින්  Chrome Browser එක Windows 7 මෙහෙයුම් පද්ධතිය සඳහා සහාය දීම 2021 වර්ෂයේ ජුලි මස 15 වැනි දින දක්වා පමණක් ලබාදෙනු ලබන පවසා සිටියා කෙසේ නමුත් ඉන් පසුව එය අතහැරදැමී මට කටයුතු කරනු ලබන බවත් මීට පෙර නිවේදනය කර තිබුණා.  එම නිවේදනය
කොහොම නමුත් මේ වන විට මේ පිළිබඳව නව නිවේදනයක් නිකුත් කරමින් Google සමාගම ප්‍රකාශ කර සිටින්නේ ඔවුන් තීරණය කළ දිනයට පසු තවත් අතිරේක මාස 6ක පමණ කාලයක්, එනම් 2022 වර්ෂයේ ජනවාරි මස 15 වැනි දින දක්වා මෙම සහාය ලබාදෙන කාළසීමාව දීර්ඝ කිරීමට තීරණය කර ඇති බවයි.
Google සමාගමේ දත්ත වලට අනුව ලොව දැනට පවතින ආයතන වලින් 22%ක පමණ ප්‍රමාණයක් තවමත් Windows 10 වලට upgrade වීමට කටයුතු කර නොමැති බවත්, විශේෂයෙන්ම මෙම වසරේදී ඇතිවූ COVID-19 වසංගත තත්ත්වය හේතුවෙන් බොහෝ ආයතන වලට මෙම migration එක අපහසු වී ඇති නිසාවෙන් මෙම තීරණය ගැනීමට ඔවුන් කටයුතු කර තිබෙනවා.

windows 7

මේ හරහා Windows 10 වලට upgrade නොකර තවත් අතිරේක මාස 6ක කාළසීමාවක් දක්වා, එනම් 2022 වර්ෂය දක්වා තමන්ගේ පරිගණක පද්ධති වල ආරක්ෂාව පිළිබඳව අවධානමක් නොගනිමින් Chrome සඳහා වන අලුත් පහසුකම් ද අත්විඳීමට Windows 7 පරිශීලකයින් හට හැකියාව ලැබෙන බව ඔවුන් පෙන්වා දෙනවා.

Related Articles