• April 19, 2024
  • Last Update April 16, 2024 1:31 PM
  • Sri Lanka

convert2mp3 වෙබ් අඩවිය වසා දැමීමට කටයුතු කරයි.

convert2mp3 වෙබ් අඩවිය වසා දැමීමට කටයුතු කරයි.
ඔබ අපව කවුරුත් දන්න වෙබ් අඩවියක් වන Convert2MP3 වෙබ් අඩවිය වසා දැමීමිට මේ වෙනකොට සිදු කර තිබෙනවා, ඒනම් 2017 වසරේ ඉදිපත් කල නඩුවකට ලබා දුන්  තීන්දුවක් නිසාවෙනි.
බොහෝ වෙලාවට YouTube හෝ වෙනත් streaming link එකක් භාවිතා කරමින්,ඒවායේ පවතින music tracks වෙනම download කරගැනීමට මෙම වෙබ් අඩවිය භාවිතා වූ අතර එය නීති ව්රෝධි කටයුත්තක් බව ඔබ මේ වෙනකොට දන්නවා ඇති.
convert2mp3 sinhala tech news
මෙම ආයතනය ජර්මනයේ පත්වාගෙන ගිය වෙබ් අඩවියක් වන අතර පසුගිය වසර තුල මිලියන 684 පමණ visits ප්‍රමාණයක් ලැබී  තිබුණු මේ වෙබ් අඩවිය ඉදිරියේදී recording companies වල අයිතිවාසිකම් උල්ලංඝනය වන ආකාරයේ කිසිඳු කටයුත්තක් නොකරන බවත්,
අදාල වෙබ් අඩවිය වසා දැමීමට කටයුතු කරනු ලබන බවත් එම ආයතනය ප්‍රකාශ කර සිටින බව International Federation of the Phonographic Industry (IFPI) ආයතනය විසින් නිළ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටිනවා..
මේ අනුව වන්දි මුදලක් ගෙවීමට හා Convert2MP3 සේවාවට අයත් domain name සියල්ලම IFPI එකට බාර දීමට නියෝග කර ඇති අතර මේ පිළිබඳව අදහස් දක්වමින් IFPI හි විධායක නිළධාරියෙකු කියා සිටියේ stream ripping, එහෙමත් නැතිනම් stream කරනු ලබන content download කිරීම සමස්ථ music ecosystem එකට ම තර්ජනයක් වන බවත්,
මෙවැනි වෙබ් අඩවිය හරහා කළාකරුවන් හට ලැබිය යුතු මුදල් මෙන්ම music industry එකට ආයෝජනය කරනු ලබන මුදල් ද වෙනත් මාර්ග වලට ගමන් කරන බව    ඔවුන්  පෙන්වා දෙනවා.
convert2mp3.net වෙබ් අඩවිය මේ වන විට වසා දමා ඇති අතර copyright infringement වලට ලබා දුන් නීතිමය නියෝග මත මෙම වෙබ් අඩවිය වසා දැමීමට කටයුතු කර ඇති බවට පණිවිඩයක් එහි සඳහන් කිරීමට IFPI ආයතනය කටයුතු කර තිබෙනවා.

Related Articles