• April 20, 2024
  • Last Update April 16, 2024 1:31 PM
  • Sri Lanka

Facebook සමාගම විසින් Instagram Lite හදුන්වා දෙයි

Facebook සමාගම විසින් Instagram Lite හදුන්වා දෙයි

 ඔන්න  ඉන්දියාව මූලික කරගෙන Instagram සඳහා 2MB වැනි ඉතාම අඩු size එකකින් යුතු Lite app එකක් හඳුන්වාදීමට Facebook සමාගම කටයුතු කර තිබෙනවා. මෙය අඩු බලයකින් යුත් ජංගම දුරකථන වලට හරියන ආකාරයට නිර්මාණය කර තිබෙනවා.

Facebook, Messenger, Twitter වැනි සේවාවන් සඳහා මේ වන විටත් Lite apps නිර්මාණය වී තිබෙන අතර, ඒ අනුව මෙම Lite app පවුලට එකතු වන නවතම සාමාජිකයා බවට මෙම Instagram Lite app එක පත් වෙනු ඇති.

ප්‍රධාන Instagram app එකේ තිබෙන Reels, Shopping හා IGTV වැනි අංග මෙම Lite app එකෙන් ඉවත් කර තිබෙන අතර, smooth හා fast experience එකක් ලබාදීම සඳහා මෙලෙස මෙම අංග ඉවත් කර තිබෙනවා.

දැනට ඉන්දියාවට පමණක් සීමා වී තිබෙන මෙම Instagram Lite app එක, ඉන්දියාව තුළ Bang la, Gujarati, Hindi, Kannada, Malayalam, Marathi, Punjabi, Tamil හා Telugu යන භාෂා රැසකට සහය දක්වන බවද Facebook සමාගම සඳහන් කර සිටිනවා.

ඉතින්  Instagram Lite app එක මුලින්ම ඉන්දියාවට ලබා දීම පුදුමයට කරුණක් නොවන අතර 2020 නොවැම්බර් මාසයට අදාල Static (වෙළඳපල සහ පාරිභෝගික දත්ත පිළිබඳ විශ්ලේෂණය කරන ජර්මානු සමාගමකි) වාර්තාවකට අනුව, දකුණු ආසියාවේ වැඩිම Facebook භාවිතා කරන්නන් සිටින රට බවට ඉන්දියාව පත්වී තිබෙන අතර එම සංඛ්‍යාව මිලියන 310 කට වඩා වැඩි වෙනවා.

මෙම මස මුලදී Play Store වෙත එකතු කරනු ලැබූ මෙම අලුත් Instagram Lite App එක මේ වන විට downloads මිලියන 5 ඉක්මවා තිබෙනවා.

idm

Related Articles