• April 19, 2024
  • Last Update April 16, 2024 1:31 PM
  • Sri Lanka

Facebook සමාගම Instagram app එක අවුරුදු 13ට අඩු ළමුන් සදහා හදුන්වා දෙයි

Facebook සමාගම Instagram app  එක අවුරුදු 13ට අඩු ළමුන් සදහා හදුන්වා  දෙයි

ඔන්න ටිකක් අමුතුරු ආරංචියක් කියන්න හදන්නේ ඒ තමා කවුරුත් දන්න Instagram app එක 

වයස අවුරු 13 ට අඩු දරුවන්ට හදුන්වා දීමට Facebook සමාගම මේ වෙනකොට කටයුතු පටන් අරන් තියෙනවා.

ඉතින් මේකට ගොඩක්ම හේතුව දරුවන් වෙනුවෙන් නව සමාජ මාධ්‍යක් ආරම්භ කිරීමයි. ඇතැම් විට

YouTube kids version එක සමග තරග වැදීමක් වෙන්න පුළුවන්. ඉතින් BuzzFeed News වෙබ් අඩවියේ වාර්තා අනුව,

 Instagram සමාගමේ උප ප්‍රධානී Vishal Shah විසින් මේ පිළිබඳව ප්‍රකාශ කර තිබෙන බව සඳහන් වන අතර යෞවන කටයුතු සඳහා ප්‍රමුඛත්වය ලබාදීම එහි අරමුණ වන බවද සඳහන් කර තිබෙනවා.

එමෙන්ම Google සමාගමේ YouTube Kids version එක නිර්මාණය කල ව්‍යාපෘතියේ ප්‍රධානි ලෙස

කටයුතු කළ Pavni Diwanji මහත්මිය විසින් ද මෙහි කටයුතු අධීක්ෂණය කිරීමට නියමිත වෙනවා.

Instagram ප්‍රධානී Adam Mosseri මහතා පවසන පරිදි අවුරුදු 13 ට අඩු දරුවන් සඳහා Child friendly Instagram version එකක් නිර්මාණය කිරීමට තීරණය කර ඇති බවයි.

හැබැයි ඉතින් දරුවන් වෙනුවෙන් මේ නිර්මාණය වන Social media versionඑක  කොතෙක් දුරට සාර්ථක වෙයිද යන්න ගැටළුවක් තිබෙනවා.

මොකද කිවුවොත් කුඩා අවදියේ සිටම තාක්ෂණික උපකරණ දරුවන් භාවිතා කරන්න ගත්තොත් දරුවන්ගේ සෞඛ්‍යය යහපැවැත්මට ඉතාමත් අයහපත් අයුරින්

බළපෑම් සිදු විය හැකියි.

Related Articles