• April 25, 2024
  • Last Update April 16, 2024 1:31 PM
  • Sri Lanka

Fingerprint Authentication ක්‍රමය Whats app වලට

Fingerprint Authentication ක්‍රමය Whats app වලට
Whats app සදහා මේ වෙනකොට  Fingerprint authentication ක්‍රමය එකතු කිරීමට Whats app ආයතනය මේ වෙනකොට කට යුතු කර තිබෙනවා.
iOS පරිශීලකයන් හට පසුගිය පෙබරවාරි මාසය වන විට Face ID සහ Touch ID භාවිතා කරමින් WhatsApp lock කිරීමේ හැකියාව ලබාදීමට ද මොවුන් කටයුතු කරනු ලැබූ අතර මේ වන තුරු Android පරිශීලකයන් හට එම පහසුකම නිකුත් කිරීමට කටයුතු කර තිබුණේ නැහැ.
කොහොම නමුත් මෙම පහසුකම WhatsApp beta පරිශීලකයන් හට පමණක් සීමා කර තිබුණු නමුත් මේ වන විට පරීක්ෂා කිරීම් සියල්ල නිම කර සාමාන්‍යය WhatsApp පරිශීලකයන් හට මේ පහසුකම ලබාදීමට WhatsApp ආයතනය මේ වෙනකොට කටයුතු කර ඇති  අතර ඔබට  setting >Account >privacy > Fingerprint lock හරහා ඔබට මෙය  activate කරගන්න පුළුවන් .
Fingerprint lock පහසුකම සක්‍රීය කළ විට ස්ව්‍යංක්‍රීයව lock කිරීමේ හැකියාව ආකාර තුනක් යටතේ තෝරාගත හැකි අතර Immediately යන්න තෝරාගතහොත් WhatsApp වලින් ඉවත් වූ විගසම lock වීම සිදු වන අතර after 1 minute හෝ after 30 minutes යන options තෝරාගතහොත් WhatsApp වලින් ඉවත් වී පිළිවෙලින් මිනිත්තුවකින් හෝ මිනිත්තු 30ක් ගත වූ විට lock වීම සිදු වෙනවා.
ඉන් පසුව WhatsApp වෙත පිවිසෙන සෑම අවස්ථාවකදීම ඒ සඳහා fingerprint පහසුකම භාවිතා කිරීමටඔබට  සිදු වෙනවා.
 
 

Related Articles