• April 19, 2024
  • Last Update April 16, 2024 1:31 PM
  • Sri Lanka

Google සමාගම විසින් Nearby Share පහසු කම හදුන්වා දෙයි

Google සමාගම විසින් Nearby Share පහසු කම හදුන්වා දෙයි

Google සමාගම විසින් Device දෙකක් අතර  File Transfer කරන නව ක්‍රම  වේදයක් හදුන්වා දී තිබෙනවා. මෙය නම් කර තිබෙන්නේ Nearby Share නමින්. ඔබ මීට කලින්  Apple සමාගමේ Airdrop අසා ඇති නමුත් ඉදිරියෙදේ Airdrop වලට හොද  අභියෝගයක් Nearby Share වලින් අපට දැකගන්න පුළුවන් වෙයි .

නව  File Transfer ක්‍රමය Android 6.0, Marshmallow  සිට ඉහළ Android සංස්කරණ වලට සහය දක්වනු ඇති බවයි වාර්තා වෙන්නේ.

File transfer කිරීම සඳහා 3rd party apps විශාල ප්‍රමාණයක් මේ වන විටත් තිබෙන නමුත් මෙම පහසුකමේ ඇති විශේෂත්වය වන්නේ එම 3rd party apps කිසිවක සහය නොමැතිව Device එකේ option එකක් ලෙස ස්වාධීනව ක්‍රියා කරයි.

තවද දත්ත පහසුවෙන් Share කිරීම සඳහා Bluetooth, Bluetooth Low Energy, WebRTC හෝ peer-to-peer WiFi භාවිතා කරමින් Best protocol එක select කිරීමට මෙම Nearby Share පහසුකම සමත් වන අතර ඔබ සම්පූර්ණයෙන්ම Offline සිටියද transfer ක්‍රියාවලියට කිසිඳු බාධාවක් සිදු වන්නේ නැහැ.

පරිශීලකයන්ගේ දත්තවල රහස්‍යභාවය ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් මෙම විශේෂාංගය Develop කිරීමේදී Google සමාගම වැඩි අවධානයක් යොමු කර ඇති බව දැනගන්නට ලැබෙන අතර ඒ අනුව file එකක් share කරන විට sender හා receiver දත්ත fully-encrypt වන බව ඔවුන් පෙන්වා දෙනවා.

Nearby CHROME PIXEL

Chromebooks, Android ඇතුළුව තවත් මෙහෙයුම් පද්ධති සඳහා මෙන්ම Pixel හා Samsung Devices වලට මෙම පහසුකම මුලින්ම ලැබෙනු ඇති අතර අනාගතයේදී සියලුම උපාංග වෙත මෙම පහසුකම ලබාදීමට කටයුතු කරන බව Google සමාගම පවසනවා.

වැඩි විස්තර Google

Related Articles