• March 29, 2024
  • Last Update March 18, 2024 9:04 AM
  • Sri Lanka

HTC සමාගම නැවතත් කරළියට ( Video)

HTC සමාගම නැවතත් කරළියට ( Video)
HTC සමාගම විසින් පසුගිය ජුනි 16 වන  දින නවතම Mid-range දුරකථනය  හදුන්වා දෙනු ලැබුවා. ඒනම් HTC U20 5G හා Desire 20 Pro ලෙස නම් කර තිබෙනවා.
HTC U20 5G සතුව අඟල් 6.9 ක FHD+ LCD තිරයක් හා 32MP, Punch hole Selfie Camera එකක් ඇතුලත් වනවා. එමෙන්ම 48MP, 8MP හා 2MP ලෙස Macro හා Depth ලෙස Quad Camera Setup එකක් මීට ඇතුලත් කර ඇති අතර Fingerprint Sensor එක දුරකථනයේ පිටුපසට ඇතුලත් කිරීමට HTC සමාගම තීරණය කර තිබෙනවා.

HTC Desire 20 Pro යනු මිලෙන් අඩු මාදිලිය වන අතර එහි 25MP Punch Hole Selfie කැමරාවක් ද, අඟල් 6.5 ක FHD+ LCD තිරයක් ඇතුලත් කර තිබෙනවා.
ප්‍රධාන Camera පද්ධතිය සම්පූර්ණයෙන්ම HTC U20 5G වෙත සමාන වන නමුත් මෙය බළගැන්වෙන්නේ Snapdragon 665 Chip set එක වන අතර 6GM RAM එකක් හා 128GB ROM එකක් ඇතුලත් කිරීමට HTC සමාගම කටයුතු කර තිබෙනවා.

දැනට HTC U20 5G මාදිලිය ඉන්දියානු මුදෙලෙන් රුපියල් 48.000කටත් , Desire 20 Pro මාදිලිය  ඉන්දියානු රුපියල් 24000ට මිල නියම කර තිබෙනවා.

Related Articles