• March 29, 2024
  • Last Update March 18, 2024 9:04 AM
  • Sri Lanka

Huawei Mate 30 Pro සමගින් Hongmeng OS එක නිකුත් වෙන ලකුණු

Huawei Mate 30 Pro සමගින් Hongmeng OS එක නිකුත් වෙන ලකුණු
මේ වෙනකොට කවුරුත් දන්න දෙයක් තමා Android සහ Huawei අතර තියෙන ගැටළුව කෙසේ වෙතත් Android සහ Windows වෙනුවට භාවිතා කළ හැකි තමන්ගේම මෙහෙයුම් පද්ධතියක් වැඩිදියුණු කිරීමට Huawei ආයතනය මේ වෙනකොට කටයුතු කර තිබෙනවා.
කොහොම නමුත්  මීට සති කිහිපයකට පෙර ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනය විසින් Huawei සමාගම වෙළඳ තහනමකට ලක් කළ බවත්, ඊට අනුකූල වෙමින්, Google ආයතනය, ARM ආයතනය ඇතුලු ඇමෙරිකානු සමාගම් විශාල ප්‍රමාණයක් සමඟින් ගණුදෙනු කිරීමේ හැකියාව Huawei සමාගමට අහිමි වී ගිය නමුත් ජපානයේ ඔසාකා වල පැවති G20 2019 සමුළුවට සහභාගී වීමෙන් අනතුරුව Huwei සමාගමට නැවතත් ඇමෙරිකානු සමාගම් සමඟින් ගණුදෙනු කිරීමේ හැකියාව ලබා දීමට කටයුතු කළා.
 Huawei Central වෙතින් නිකුත් වූ වාර්ථාවක දැක්වෙන්නේ Huawei Mate 30 දුරකථනයක් විය හැකි නව උපාංගයක් මත සිය මෙහෙයුම් පද්ධතිය පරීක්ෂා කිරීමට Huawei මිනිසුන්ට ආරාධනා කරන බවයි.
තවද Huawei Central වෙතින් නිකුත් වූ වාර්ථාවක දැක්වෙන පරිදි Huawei සමාගම විසින් ඔවුන්ගේ අලුත් device එකක, මේ අලුත් OS එක පරීක්ෂා කිරීමට විවිධ පුද්ගලයන් හට ආරාධනා කරමින් පවතින බවත්, Huawei Mate series එක සමඟින් මේ OS එක නිකුත් කිරීමට සූදානම් වන බවත් වන අතර, ඒ අනුව මේ අලුත් device එක Huawei Mate 30 Pro වීමේ බොහෝ ඉඩකඩක් ඇති බව ඔවුන් විශ්වාස කරනවා.

huawei mate 30

කොහොම නමුත් තවමත් මෙය නිකුත් කිරීමට නියමිත නිශ්චිත දිනයක් පිළිබඳව සඳහන් නොවන නමුත් මීළඟ ඔක්තෝම්බර් හෝ නොවැම්බර් මාසයන් ඇතුලත මෙය එළිදැක්වීමට කටයුතු කරනු ඇති බව ද ඔවුන් වැඩිදුරටත් සඳහන් කරනවා.
ට්‍රම්ප් විසින් වෙළඳ තහනම ඉවත් කරන බව ප්‍රකාශ කලද මේ වන තුරු ඊට අදාල නීතිමය කටයුතු වල වෙනසක් සිදු කර නොමැති නිසාවෙන් තවමත් Huawei සමාගම හට ඇමරිකානු සමාගම් සමඟ ව්‍යාපාර කිරීමට අවසර දී ඇත්තේ අගෝස්තු මැද භාගය වන තෙක් මාස තුනක කාල සීමාව අවසන් වන තෙක් පමණි.
කෙසේ නමුත් Mate X foldable දුරකතනයද ඇතුලුව Mate 30 යනු Huawei සමාගම විසින් මෙම වසර ඇතුලත නිකුත් කරනු ලබන තෙවන Flagship දුරකතනය බවට පත් වන අතර Hongmeng OS එක මූලිකව චීනයට පමණක් සීමා වනු ඇති බව විශ්වවාස කෙරෙනවා.
 

Related Articles