Huawei Matebook X Pro -3K LTPS Display ( Video )

අපි කවුරුත් දන්න Huawei සමාගමේ  නව නිපැවුම මේ වෙනකොට වෙළද පොළට නිකුත් වෙලා තියෙනවා . ඒ තමා Huawei Matebook X Pro.

මේ වෙනකොට  තාක්ෂණික ලෝකය උඩුයටිකුරු කරමින් Huawei සමාගම විසින් නිකුත් කරන ප්‍රථම Full View Display සහිත Huawei Matebook X Pro Laptop පරිගණකය,

2018 වසරේ ශ්‍රේණිගත කිරීම් වලට අනුව මුල් ස්ථාන අතරට පැමිණීමට Huawei Matebook X Pro  සමත්වී ඇත. මෙසේ මුල් ස්ථාන අතරට පැමිණීමට මෙහි වූ විශේෂාංග උපකාරී වී ඇත.

huawei-matebook-x-pro-3k-display

මෙහි නිමවා බැලු  විට Huawei Matebook X Pro Mystic Silver සහ Space Gray යන වර්ණයන් දෙකෙන්  දැකගත හැකි වන අතර මෙය 1.33Kg පමණ බර වන ඝනකම 14.66mm ක්ද උස 217mm ක්ද සහ පළල 314mm ක්ද වේ.

Huawei Matebook X Pro  ලැප්ටොප් පරිගණකයේ Display පිළිබඳ සැලකීමේදී මෙයට ඇත්තේ  අඟල් 13.9 කින් යුත් 3K LTPS Full Touch Display එකක්. 4K Videos බැලීමේදී  මෙම display එක බොහෝ සෙයින් වැදගත් වේ. 

එමෙන්ම  මෙය විශේෂ වීමට ප්‍රධානම හේතුව වන්නේ  91 % ක් වූ Screen-to-body ratio අගයයි.

matebook-x-pro-dimage-original

Huawei Matebook X Pro  Core i5 සහ Core i7 ලෙස  Chipset දෙකකින් ඇත.

මෙම වර්ග දෙකෙහිම NVIDIA® GeForce® MX150 with 2GB GDDR5/Intel® UHD Graphics 620  Graphic Card එකකින් යුක්ත වේ.

8GB  සහ 16GB DDR3 RAM  හා 256GB  සහ 512GB NVMe PCIe SSD වලින් මෙම ලැප්ටොප් පරිගණකය සමන්විත වේ. එමෙන්ම 1 Mega Pixel Front Camera එකක්ද දැකගත හැකි වෙනවා.

Huawei Matebook X Pro විශේෂ තැනක් හිමි වෙන්නේ මේ කියන්න

යන කාරණාව නිසා  ඒ තමා Full View Display, 3K Touch,4K Video Quality හැරුණු විට මෙහි  ප්‍රධානතම විශේෂාංගයක් ලෙස FingerPrint Scanner දක්වන්න පුලුවන්.

Huawei සමාගම පවසන ආකාරයට   තත්පර 7.8 ක් ඇතුළත ඔබට ලැප්ටොප් එක ක්‍රියාත්මක කර එය තුළට ඇතුළු විය හැක. ඒ වගේම මෙහි ඇති FingerPrint Scanner එක Power Button එක ලෙස ද ක්‍රියාත්මක වේ.

ලැප්ටොප්  පරිගණකය ක්‍රියාත්මක කිරීමේදී Power Button එක් වරක් එබූ පසු ක්‍රියාත්මක වන අතරතුර ඔබගේ ඇඟිලි සළකුණ නැවත වතාවක් ඇතුලත් කිරීමට අවශ්‍ය වන්නේද නැත.

huawei-matebook-x-pro-hidden-camera

Front Camera ගත් විට  Display එකේ දක්නට ලැබෙන්නේ නැත.  කැමරාව අපට දැකගත හැක්කේ Keyboard එක මතය. කැමරාව භාවිතා කරන විට පමණක් එය ඉහලට එසවී ක්‍රියාත්මක වේ.

Huawei Matebook X Pro වල දක්නට ලැබෙන විශේෂ ලක්ෂණයක් ලෙස මෙය දැක්විය හැක.

USB Type C Port  දෙකක් ද USB A Type Port එකක්ද 3.5MM Headphone Jack එකක් ද  අඩංගු වේ.

USB Type C Port දෙකෙන් එකක් Thunderbolt 3 ලෙස හැදින්වේ. මෙම Port එක වේගවත් දත්ත හුවමාරු කරගැනීමට, වේගවත් අාරෝපණයක් සඳහා මෙන්ම Huawei සඳහා විශේෂ වූ MateDock 2 සම්බන්ධ කරගැනීම සඳහා වැදගත් වේ.

 

Huawei Matebook X Pro හි Dolby Atmos Sound System එකක් දැකගත හැකිවේ. මෙම Dolby AtmosSound System  භාවිතයෙන් 3D ශබ්ද අත්දැකීමකට මුහුණ දීමට හැක.

අපට මෙහි දක්නට ලැබෙන්නේ Lithium බැටරියකි.  එමෙන්ම මෙය 57.4Wh (Watt-hour)   කින් යුක්ත වේ.

Huawei Matebook X Pro ලංකාවේ මුදලින් ලක්ෂ 2 ක් පමණ වෙනවා.

web 👉 Huawei 

නොදන්න යාළුවන්ට දැනගන්න මේ ලිපිය Share කරන්න. 🙂