ICC විසින් ක්‍රීඩකයන් 5දෙනේකුට තහංචි පැනවේ.

වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන අවසන් මහා තරඟයේදී ගැටුමකට එක්වූ ඉන්දීය සහ බංග්ලාදේශ ක්‍රීඩකයන් 5 දෙනෙකුට එරෙහිව ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනය තහංචි ප්‍රකාශයට පත් කර තිබෙනවා.
පසුගිය ඉරිදා පැවති එම අවසන් තරඟයේදී බංග්ලාදේශ යොවුන් ක්‍රිකට් පිළ ඉන්දියාව පරදවා ප්‍රථම වරට වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමට සමත් වුණා.
එහිදී දෙපිළේ ක්‍රීඩකයන් විනය විරෝධී ලෙස කටයුතු කිරීම පිළිබඳව පිටියේ විනිසුරුවන් ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනය වෙත පැමිණිලි කර තිබුණා.
 
මෙලෙස තහංචි පනවා ඇත්තේ බංග්ලාදේශ ක්‍රීඩකයන් 3 දෙනෙකුට සහ ඉන්දීය ක්‍රීඩකයන් දෙදෙනෙකුට එරෙහිවයි.