• March 29, 2024
  • Last Update March 18, 2024 9:04 AM
  • Sri Lanka

Instagram සහ Messenger chats එකිනෙක merging කිරීමට Facebook සමාගම කටයුතු කරයි

Instagram සහ Messenger chats එකිනෙක merging  කිරීමට Facebook සමාගම කටයුතු කරයි

Facebook විසින් මේ වෙනකොට අලුත් update එකක් හරහා Instagram වල තිබුණු Direct Messages පහසුකම Facebook Messenger සමඟින් සම්බන්ධ කිරීමට Facebook ආයතනය කටයුතු කර ඇති බව විදෙස් වෙබ්  අඩවි විසින් වාර්තා කරනු ලබනවා.

මේ වන විට  update එක iOS සහ Android යන platform දෙකම  භාවිතා කරනු ලබන පරිශීලකයින් හට ලැබී තිබෙන අතර මේ අලුත් update එක ලබාගැනීමෙන් අනතුරුව Instagram DM icon එක වෙනුවට Facebook Messenger logo එක පෙන්වනු ලබන අතර emoji reactions, swipe-to-reply මෙන්ම Facebook මිතුරන් සමඟ chat කිරීමේ පහසුකම ද ලබාදෙනු ලබන බව popup එකක් පෙන්වීමට කටයුතු කලත්, තවමත් Facebook මිතුරන් සමඟ chat කිරීමට හැකියාව තවමත්  නොමැති බව සදහන් වෙනවා.

බොහෝ විට  ඉදිරි සති කිහිපය ඇතුලත මෙම ගැටළුව විසඳීමටත්, ඉදිරියේදී සියළුම Instagram පරිශීලකයින් හට මෙම හැකියාව ලබාදීමට  Facebook ආයතනය ක්‍රියා කරයි අපිට අනුමාන කරන්ට පුළුවනි.

Related Articles