iPhone සහ Mac පරිගණක සියල්ලම අවදානමට ලක්වෙයි

Apple පරිගණක චිප්වල (Chips) මතුව ඇති ප්‍රධාන දෝෂ දෙකක්  iPhones,  iPads සහ Mac පරිගණක කෙරෙහි මේ  වෙන කොට බලපෑම් එල්ල කර ඇතැයි ඇපල් සමාගම පවසයි.පරිගණක පද්ධති තුළට රහසින් ඇතුළු වී දත්ත සොරා ගැනීමට ඉඩ සැලසෙන ඉහත කී දෝෂවලට විසඳුම් සෙවීම සඳහා තාක්ෂණික සමාගම් කටයුතු කරමින් සිටින බව මේ සතියේ දී වාර්තා විය.

අදාළ දෝෂ සඳහා දැනටමත් තාවකාලික විසඳුම් කිහිපයක් නිකුත් කර ඇති බව ඇපල් සමාගම වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.කෙසේ නමුත් පවතින අනතුරුදායක තත්ත්වය අයුතු ලෙස යොදා ගෙන ඇති බවට සාක්ෂි ලැබී නොමැති බවත් එම සමාගම නිකුත් කළ නිවේදනයක දැක්වේ.iphone x comparisons 01 - iPhone සහ Mac පරිගණක සියල්ලම අවදානමට ලක්වෙයි

කෙසේ වෙතත්  මේ අතර අදාළ දෝෂ හේතුවෙන් ඇපල් අත් ඔරලෝසුවලට බලපෑමක් එල්ල වී නොමැති බව ඉහත කී නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

Intel processors හා සම්බන්ධ දෝෂයෙන් ඇපල් අත් ඔරලෝසුවලට බලපෑමක් එල්ල වී නොමැත්තේ ඒ තුළ එම  Processors අඩංගු කර නොමැති බැවිනි. හානිකර  App මගින් ආරක්ෂා වී සිටීම සඳහා විශ්වසනීය මාර්ග ඔස්සේ පමණක් මෘදුකාංග බාගත කර ගන්නා මෙන් Apple සමාගම නිර්දේශ කරයි.

උදාහරණයක් වශයෙන් ඇන්රොයිඩ් ජංගම දුරකතන හෝ මයික්‍රෝසොෆ්ට් මෙහෙයුම් පද්ධති අඩංගු පරිගණකවලට වඩා ඇපල් නිෂ්පාදන සහ එම සමාගමේ මෙහෙයුම් පද්ධති ආරක්ෂාකාරී බව මැක් පාරිභෝගිකයන්ගේ පොදු පිළිගැනීම වී තිබේ.

කෙසේ නමුත් අදාළ දෝෂ Intel සහ ARM යන සමාගම්වල නිෂ්පාදනය කෙරෙන සියලුම නවීන පරිගණක පිරික්සුම් ඒකක Processing units තුළ හමු වේ.

ලෝක පරිගණක වෙළඳපොල වෙත සම්පූර්ණයෙන්ම පාහේ අදාළ නිෂ්පාදන සපයනු ලබන්නේ Intel සහ ARM යන සමාගම් දෙක විසිනි.

“සියලුම Mac පද්ධති සහ අයිඕඑස් (අයි මෙහෙයුම් පද්ධති) අඩංගු උපාංගවලට බලපෑම් එල්ල වී තිබෙනවා. නමුත් පාරිභෝගිකයන් වෙත බලපාන අයුතු ප්‍රයෝජන ගැනීම් මෙතෙක් වාර්තා වී නැහැ” අදාළ දෝෂ සම්බන්ධයෙන් ඇපල් සමාගම සිය බ්ලොග් සටහනක සඳහන් කර තිබේ.

“මේ ගැටලු සියලුම නවීන පරිගණක ප්‍රොසෙසරවලටත් සියලුම පාහේ පරිගණක උපාංගවලට සහ මෙහෙයුම් පද්ධතිවලටත් බලපානවා” යනුවෙන් එහි වැඩිදුරටත් දැක්වේ.

error: