• April 25, 2024
  • Last Update April 16, 2024 1:31 PM
  • Sri Lanka

iPhone නිෂ්පාදනයෙන් 20% ක් ඉන්දියාවට

iPhone නිෂ්පාදනයෙන් 20% ක් ඉන්දියාවට
මේ වෙනකොට Apple සමාග විසන් ඔවුන් ගේ චීනයේ නිෂ්පාදනය කරන iPhone නිෂ්පාදනයෙන් 20% ප්‍රමාණයක් ඉන්දියාවට ගෙන එමට Apple සමාග කටයුතු කරමින් යන බව විදෙස් පුවත් වල සදහන් වෙනවා.
දැනට Apple සමාගමට ඉන්දියාව තුළ මේ තරම් විශාල වෙළඳපොලක් නැති  හෙයින් ඔවුන්ට අවශ්‍ය වී ඇත්තේ චීනයෙන් පිටත සිය නිශ්පාදන කටයුතු ස්ථාවර කරගැනීම වන අතර මේ අනුව ඩොලර් බිලියන 40ක පමණ වටිනාකමකින් යුත් iPhone ප්‍රමාණයක් මීළඟ වසර 5 තුළ ඉන්දියාව තුළ නිශ්පාදනය කිරීමට Apple සමාගම බලාපොරොත්තු වනවා.
මේ අතර ඉන්දියාවේ බලා පොරොත්තු වෙන්නේ 2025 වසර වන විට ජංගම දුරකථන අපනයනයේ වටිනාකම ඩොලර් බිලියන 100 ඉක්මවා යෑම වන අතර 2019-2020 තුළ එම අගය පැවතියේ ඩොලර් බිලියන 3ක මට්ටමේයි.
Apple සමාගම දැනට ඉන්දියාව තුළ පිහිටුවන ලද Fox-con සමාගම හරහා iPhone XR මාදිලියෙන් යම් ප්‍රමාණයක් ඉන්දියාව තුළම ඔවුන් නිෂ්පාදනය කිරීමට කටයුතු කරනු ලබනවා.
නමුත් මීට පෙර ඉන්දියාව තුළ නිශ්පාදන ආරම්භ කල First Generation iPhone SE, iPhone 6s හා iPhone 7 වල නිශ්පාදනය එක් වරක් පමණක් සිදුකොට එය නැවැත්වීමට Apple සමාගම කටයුතු කර  තිබුනා.

Related Articles