• April 25, 2024
  • Last Update April 16, 2024 1:31 PM
  • Sri Lanka

iPhone භාවිතා කරන්නන් හට Credit Card ලබාදෙයි

iPhone භාවිතා කරන්නන් හට Credit Card ලබාදෙයි

මේ වෙනකොට Apple devices භාවිතා කරන්නන් හට App Store එක මගින් සිදු කරන මිලදීගැනීම් වලදී Rewards, එහෙමත් නැතිනම් පාරිතෝෂික දීමනාවන් ලබා දීමේ අරමුණින් Credit Card ලබා දීමට Apple සමාගම සූදානම් වන බව මේ වන විට දැගන්නට ලැබෙනවා.

මේ කටයුත්ත වෙනුවෙන් Goldman Sachs කියන බැංකුව සමඟින් සහයෝගීතාවයෙන් කටයුතු කරනු ලබන අතර මේ Goldman Sachs බැංකුව ලොව විශාලතම බැංකු ජාලයන් අතරින් එකක් වෙනවා.

මේ අනුව මෙම ව්‍යාපෘතියේ testing program එක මීළඟ සති කිහිපය ඇතුලත සිදු කෙරෙනු ඇති අතර මූලිකව මෙම Credit Card එක Apple සමාගමේ සේවකයන් හට පමණක් ලබා දීමට ඔවුන් තීරණය කර තිබෙනවා.

Apple devices වල දැනටමත් තිබෙන Wallet app එකට මේ අලුතින් හඳුන්වා දෙන Credit Card එක නුදුරු දිනයකදී අන්තර්ගත කෙරෙනු ඇති අතර ඒ හරහා මිලදීගන්නා දේ වෙනුවෙන් 2%ක cash back කිරීමක් සිදු කිරීමට ද නියමිත බව දැනගන්නට ලැබෙනවා.

එමෙන්ම මේ හරහා අදාල Credit Card එකෙහි balance එක මෙන්ම ඒ හා සම්බන්ධ කටයුතු සියල්ල මේ Wallet app එක හරහා ම සිදු කිරීමේ අවස්ථාව ලැබෙනු ඇති බවත් වාර්ථා වෙනවා.

Apple සමාගමේ මීළඟ iPhone ජංගම දුරකථන එළිදැක්වීමේ event එක වන WWDC 2019 event එක අතරතුරදී මේ අලුත් Credit Card පහසුකම එළිදක්වනු ඇති බව බොහෝ දෙනා ඉඟි පළ කරනවා.

Related Articles