Invention Of The Printer To The World

නිකමටවත් ඔයාලා හිතුවද  මුද්‍රණ යන්ත්‍රය ලොවට හදුන්වා දුන්නේ කවුද කියලා ?

මුද්‍රණ යන්ත්‍ර ඉතිහාසය ගත් විට දීර්ඝ ඉතිහාසයක්  කරා පැතිර යනවා. මේ වෙනකොට  මුද්‍රණ යන්ත්‍ර 26 ක් පමණ ප්‍රමාණයක් තිබෙනවා. 

ලොව ප්‍රථම මුද්‍රණ යන්ත්‍රය ලොවට හදුන්වා දුන්නේ 1934 ජර්මනියේ මේන්ස් නුවර උපත ලද ජර්මන්

ජාතික Johannes Gutenberg නැමැත්තායි. ලෝකවාසී ජනතාවට මෙන්ම මුද්‍රණ කර්මාන්තයටද ඔහුගෙන් සිදු

වූ සේවය අතිමහත්ය. මෙම ක්‍රමය ලෝහමය අකුරු යොදාගත් ක්‍රමයක් වූ අතර මෙමගින් එකවර පිටපත් ගණනාවක් ලබා ගැනීමට හැකියාව ලැබුණි.Movable metal type and composing stick descended from Gutenbergs press - Invention Of The Printer To  The World

මෙය ලෝක කාර්මික ඉතිහාසයේ ඉතා වැදගත් නිරමාණයක් ලෙස සැලකිය හැකි අතර මේ නිසාවෙන්ම ලොව සීග්‍ර දියුණුවක් කරද ලගා විය.
මෙම යන්ත්‍රය නිපදවීමට පෙර මුල් කාලයේදී බොහොමයක් රට වල මුද්‍රණ කටයුතු කරනු ලැබුයේ ලී හෝ පිත්තල වැනි ලෝහයක කපා ගත් හතරැස් කුට්ටි (block) භාවිතයෙනි.Printer in 1 - Invention Of The Printer To  The World නමුත් එය ඉතා අපහසු කටයුත්තක් විය. ඒ මන්ද යතොත් කිහිප වතාවකින් අනතුරුව එම block භාවිතා කල නොහැකි විය. එක්තරා ආකාරයකින් එය මුදල් නාස්තියක්ද විය. එවැනි පිටපත් වල තත්වයද ඉතා බාල මට්ටමක පැවතිනි. මෙම අඩුපාඩු සියල්ල මග හරවා අඩු කාලයකින් අඩු පිරිවැයකින් ගුණාත්මක පිටපත් ලබාගත හැකි යන්ත්‍රයක් නිපදවීම Gutenberg ගේ ප්‍රයත්නය විය.
පසුකාලීනව මේන්ස් නුවර අත්හැර දමා ගිය Gutenberg ස්ට්‍රාබර්ග් නම් නගරයේ පදිංචි වී ඇති බවද අතීත කතා වල සදහන් වේ. අනතුරුව මුද්‍රණ යන්ත්‍රය කෙසේ හෝ නිප්දවීමට ඉටා ගත් ඔහු, පර්යේෂණ කටයුතු ආදියේදී එකල ඇති වූ අගහිගකම් මගහරවා ගත්තේ තම මිතුරන් දෙදෙනෙකුගේ සහය ඇතිව මෙම කාර්යයේ නියැලීම මගිනි. කෙසේ වෙතත් මෙම යන්ත්‍රය නිපදවීමේ කටයුතු ඔහුට කිහිප වතාවක්ම මග නතර කිරීමටද සිදු විය. එසේ කිරීමට සිදු වුයේ ඔහුට ණයට මුදල් ලබා දුන් ඇය ඔහුව නඩු වලට පටලවීම නිසායි. ඔහුට මෙය නිසි ලෙස අවසන් කරගත හැකි වුයේ ධනවත් ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකු සහය වූ හෙයිනි.
ඔහු තම නවීන මුද්‍රණ යන්ත්‍රය උපයෝගී කරගෙන මුද්‍රණය කිරීම වර්ෂ 1450දී ආරම්භ කරන ලදි.  Gutenberg Bible ය නම් පොත ඔහු වර්ෂ 1455දී මුද්‍රණය කර අවසන් කළේය.Gutenberg Bible - Invention Of The Printer To  The World

ඒ අනුව වර්ෂ 1465 පමණ වන විට මෙම නව මුද්‍රණ ක්‍රමය යුරෝපය පුරා පැතිරුණි. දුක්ඛිත ජිවිතයක් ගත කල ඔහුගේ ජීවිතය ආලෝකමත් වුයේ මෙයින් අනතුරුවයි. ඔහුට ගෞරව උපහාර ගලා එන්නට විය. මිනිසුන් අතර අදහස් හුවමාරු කර ගන්නා ප්‍රධාන මාධ්‍යයක් ලෙස මෙය අදටත් භාවිත වේ. Johannes Gutenberg  මහතාට අප අදටත් ණය ගැතිය.

ඉතින් මේ ලිපිය කියවූ ඔබට Johannes Gutenberg ගෙන් ඔබේ ජිවිතේටද යමක් එකතු කරගන්න ඇති 

කියලා හිතනවා .

නොදන්න යාළුවන්ට බලන්න Share කරන්න. අදහස් ගැටළු පහළ Comment කරන්න 🙂