Larry Page ගේ මූලිකත්වයෙන් ආරම්භ වූ පියාඹන මෝටර් රථය ( Video )

දවසෙන් දවස අලුත් වෙන ලෝකේ අලුත් නිපැයුමකට ලොව ප්‍රකට Google Web අඩවියේ සම නිර්මාතෘවරයෙකු වන Larry Page ගේ මූලිකත්වයෙන් ආරම්භ වූ පියාඹන මෝටර් රථ තැනීමේ ව්‍යාපෘතිය මේ වන විට සාර්ථක වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තාකර තිබෙනවා.

එනම් එය නම් කර ඇත්තේ kitty hawk Flyer නමිනි. දැනට මෙය වඩාත් සාර්ථක අන්දමින් අත්හදා බලා ඇති මෙම පියාඹන මෝටර් රථය දැනට පර්යේෂණ ගමන් වාර 1500 ක් පමණ කර ඇත. 

මෙම පියාඹන මෝටර් රථය ලිතියම් පොලිම්ර් බැටරියකින් පණ ගැන්වෙන අතර එය වරක් ආරෝපණය කළ පසු මිනිත්තු 20 ක කාලයක් පුරා රථය ධාවනය කළ හැකි බව එහි නිෂ්පාදකයෝ පවසති.

බර කිලෝග්‍රෑම් 100 ක් පමණ වන මෙම රථයට පැයට කිලෝමීටර් 40 ක හෙවත් පැයට සැතපුම් 25 ක වේගයකින් පියාසර කළ හැකිය. 

මෙම පියාඹන මෝටර් රථය මෙහෙයවීම සඳහා ගුවන්යානා පැදවීමේ බලපත් අවශ්‍ය නොවන අතර පාරිභෝගිකයින්ට විනාඩියක කාලයක් ඇතුළත එය පදවන ආකාරය පිළිබඳ අවබෝධයක් ලබා ගත හැකි බවත් නිෂ්පාදන සමාගම සඳහන් කර සිටී. 

ඇමරිකාව තුළ මෙම පියාඹන මෝටර් රථය ධාවනය කිරීම සඳහා මේ වන විට අවසර ලැබී ඇති නමුත් එහි මිල මෙතෙක් ප්‍රකාශයට පත් කර  නැත.

තින් පහළ Video ව බලන ඔයාලට හිතෙයි ලංකාවේ අපිටත් Kitty Hawk Flyer ක් තිබුණනම් කියලා.😊 

Image result for google kitty hawk

 අමතක නොකර යාළුවන්ටත්  බලන්න Share  කරන්න