Liberty Statue වුන දේ

liberty Statue ගැන ඔයාලා නොදන්න පොඩි දෙයක් ගැන විස්තර කරන්න හිතුනා. ඒ තමා  liberty Statue පාට වෙනස් වුන හැටි   ගැන . ඇත්තටම ම ඇමරිකාවේ liberty Statue සදා තිබෙන්නේ තනිකර ම තඹ  වලින්  නෙවෙයි.එය සාදා  තිබෙන්නේ තනිකරම වානේවලින්  සෑදු සැකිල්ල මත තුනී තඹ තහඩු ඇලවීම මගිනුයි .මේ තඹ තහඩු ස්ථිරයේ ඝනකම  අගලකින් 32 න් පංගු  3 පමණ වෙනවා  . මේ ප්‍රතිමාව මත ඇති තඹ තහඩුව ස්ථිරය එතරම් තුනී වුණත් එහි ඇති තඹ ප්‍රමාණය පැන්සයේ කාසි මිලියන 30 පමණ සදන්නට තරම් ප්‍රමාණවත් වනවා කියල තමා කියන්නේ .

liberty Statue ඉස්තාපනය කරන විට මේ තඹ තහඩු ස්ථිරය නිසා ප්‍රතිමාව දිස් වුනේ තඹ වලට අවේනික දිලිසෙන දුබුරු පැහැයෙන් එහෙත්එය  නිර්මාණය   කර ඉස්තාපනය කිරීමෙන් සිය වසරකටත් වඩා කාලයක් අද වන විට ගත වෙලා. මේ වසර ගණනාවක කාලය   තුල මේ  තඹ තහඩු ක්‍රමයෙන්  ඒවායේ  අවේණික වරණයෙන්  ළාකොළ පැහැයකට වෙනස් වෙලා තිබෙනවා .ඊට හේතුව මේ තඹ තහඩු වාතය සමග    ප්‍රතික්‍රියාවෙන් ඔක්සි    කරණයට බදුන් වීමයි .මේ වන විට එම  ඔක්සි කරණය  වීම නිසා ඉතාම තුනී කොපර්  කාබනේට්  තට්ටු වක්   පටලයක් ලෙස මේ තඹ තහඩු මත  තැම්පත් වී තිබෙනවා .මේ කොපර්  කාබනේට් පටලය නිසා liberty Statue  ළා කොළ පැහැයට හැරී තිබුනත් එය නිසා එම තඹ තහඩු විකාදනය වීමෙන්  ආරක්ෂා වන  බවත්  කියන්න ඕනෑ. ඔන්න හේතුව නිසා තමා liberty Statue  ළා කොළ පැහැයට  හැරුනේ .

 liberty Statue-aluthsl.com

 

 liberty Statue-aluthsl.com

 

 

liberty Statue-aluthsl.com

 

Liberty Statue ඉතිහාසය ගැන පහළ video ව  බලන්න 

යාළුවන්ටත් බලන්න Share කරන්න ඔබේ අදහස් පහළ Comment කරන්න