Aluthsl

LPL තරඟාවලියෙන් ඉවත් වීමට මාලිංග සහ ගේල් හේතු පවසයි

LPL තරඟාවලියෙන් ඉවත් වීමට මාලිංග සහ ගේල් හේතු පවසයි
ලංකා ප්‍රීමියර් ලීග් T20 තරඟාවලිය සඳහා සහභාගි වන විදේශීය ක්‍රීඩකයින්, කාර්ය මණ්ඩල සහ තරඟාවලි සංවිධායකයින් මේ වනවිට තරඟ පැවැත්වෙන හම්බන්තොට සූරියවැව ප්‍රදේශය වෙත පැමිණෙමින් සිටිනවා. ලබන 26 වැනිදා ආරම්භ වන තරඟාවලිය දෙසැම්බර් 16 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.
මේ අතර, කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම වෙනුවෙන් තෝරා ගැනුණු බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ක්‍රිස් ගේල් කායික ආබාධයකට ලක්වීම නිසා තමා තරඟාවලියට සහභාගි නොවන බව දැනුම් දී තිබෙනවා.
එමෙන්ම, ශ්‍රී ලංකාවේ සිටින වඩාත් පළපුරුදු ජාත්‍යන්තර විස්සයි විස්ස ක්‍රීඩකයා වන ලසිත් මාලිංග තරඟාවලියෙන් ඉවත් වී ඇත්තේ ඒ සඳහා සූදානම්වීමට කාලය ප්‍රමාණවත් නොවන බව පවසමින්.
මේ අතර, කලම්බු කිංග්ස් කණ්ඩායමේ පුහුණුකරු ලෙස පත් කෙරුණු එංගලන්ත ක්‍රීඩක කබීර් අලීට කොරෝනා ආසාදනය වීම නිසා දිවයිනට නොපැමිණෙන බව දන්වා ඇති අතර, ඔහු වෙනුවට දකුණු අප්‍රිකානු ප්‍රවීන ක්‍රීඩක හර්ෂල් ගිබ්ස් පත්කර තිබෙනවා. ඔහු ශ්‍රී ලංකාවට පැමිණියේ තරඟාවලියේ විස්තර විචාරකයෙකු ලෙස කටයුතු කිරීමටයි. රංගන හේරත් ඔහුගේ සහය පුහුණුකරු ලෙස කටයුතු කරනු ඇති.
administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

0