Meal Delivery Service Drone In China – ( Videos )

ඔබ මේ වෙන කොටත් දන්නවා ඇති Drone යානා මගින් විවිධ රටවල් භාණ්ඩ Deliver කරනවා බව , 

ඉතින් ආහාර වගේ දෙයක් Drone මගින්  Deliver කරයිද ?

 මේ වෙනකොට Drone යාත්‍රා ආධාරයෙන් ආහාර සැපයීම සඳහා අවසර ලබා ගැනීමට චීනයේ ජනප්‍රිය ආහාර සැපයීමේ සේවාවක් වන Ele.me ආයනයට හැකියාව ලැබී තිබෙනවා.

චීනයේ Shanghai’s Jinshan  කාර්මික උද්‍යානයේ මාර්ග 17 ක් ඔස්සේ වර්ග කිලෝ මීටර් 58 ක පමණ ප්‍රදේශයක් ඇතුලත Drone යාත්‍රා යෝදාගෙන ආහාර සැපයීමට ඔවුන්ට මේ හරහා හැකියාව ලැබෙනවා.

එම ප්‍රදේශය පුරා ඇති අවන් හල් 100 ක පමණ ඇනවුම් විනාඩි 20ක් තුල පාර්භෙගිකයා වෙත යොමු කිරීම ඔවුන්ගේ අරමුණ වනවා.
චීන මාධ්‍ය වාර්තා වාර්තා කරන්නේ මෙම Drone යානා සෑම මාර්ගයකම ස්ථාවර ස්ථාන දෙකක් අතර ක්‍රියාත්මක වන බවයි. 

Drone හරහා අදාල ස්ථානය වෙත කෑම එවූ පසු එතැන සිටින සේවකයකු විසින් අදාල ලිපිනයන් වෙත ඇණවුම් යොමු කරනවා.
මේ සඳහා E7 වර්ගයේ Drone යාත්‍රා යෝදා ගන්නවා .

ඔවුන් මේ සඳහා අදාල අත්හදා බැලීමේ ගමන් වාර සිදුකලේ පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදීයි.

වරකට කිලෝ 6 ක පමණ බරක් රැගෙන ,පැයට කිලෝ මීටර් 20 ක වේගයෙන් මෙම Drone යාත්‍රා ගමන් කරනවා.  

පහත video ව නරබන්න. 

ele.me  - Meal Delivery Service Drone In China - ( Videos )