Microsoft සමාගමේ නවතම Surface Go ( Video )

මේ වෙනකොට Microsoft සමාගමේ surface පවුලේ නවතම සමාජිකය වන surface Go මිට 

දින කිහිපයකට උඩදී එළි දැක්කුවා. මෙය පරිගණකයක් වුවත් Tab එකක් වශයෙන් තමා කරළියට පිවිසෙන්නේ .

surface Go අනෙකුත් ටැබ් පරිගණක වලට අභියෝගයක්  වන්නට සමත් වෙනවා එහි ඇති ඇතැම්  විශේෂාංග නිසා.

මෙය දැනට  පෙර  ඇණවුම් සඳහා විවෘතව  ඇති අතර එය  අගෝස්තු මාසේ සිට නිකුත් කිරීමට Microsoft සමාගමේ සුදානම් කොට ඇත.

surface Go 10 - Microsoft සමාගමේ නවතම Surface Go ( Video )

Microsoft surface Go හි  අපිට Type දෙකක් දැකගන්න පුළුවන් එනම් 64GB/intel 4415Y/4GB RAM සහා 128 GB/intel 4415Y/8GB RAM 

Microsoft surface Go - Microsoft සමාගමේ නවතම Surface Go ( Video )

අඟල් 10ක මයික්‍රොසොෆ්ට් සමාගමේ PixelSense hardware තාක්ෂණයෙන් යුත් Display එකක් Surface Go Tab එකෙහි අන්තර්ගත වෙනවා.

තිර විභේදනය (Resolution) 1800×1200 වන අතර අඟලකට ඇති පික්සල් ප්‍රමාණය (ppi අගය) 217ක් වෙනවා.

සාම්ප්‍රදායික 16:9 ටැබ් එකකට වඩා 3:2 අනුපාතයෙන් (aspect ratio) යුත් නිසා තිරස් අතට පාවිච්චි කිරීම පහසුයි.

Windows 10 මෙහෙයුම් පද්ධතිය සමඟ තිරය දෙකට බෙදන split-screen සහ වරකට ඇප්ස් කිහිපයක් පාවිච්චි කළ හැකි multitasking විශේෂාංග ගෙන එන නිසා කාර්යක්ෂමතාව උපරිම කරගත හැකියි.

පැහැදිලි දසුන් ගෙන එන 1500:1ක Contrast ratio මෙය සතුයි. ඇඟිලි දහයක් දක්වා සහාය වන බහු ස්පර්ශ තිරයක් වන මෙයට,

$99කට (රුපියල් 15,700ක් පමණ මිලකට) වෙනම මිලදී ගත හැකි Surface Pen එක භාවිතයෙන් ද කලා කටයුතු කරන්නට පුළුවන්. තිරය Corning Gorilla Glass 3 වීදුරුවකින් ආරක්ෂණය කර තිබෙනවා.

මෙහි ඇති ප්‍රොසෙසරය Dual core 7th gen වන Intel සමාගමේ Pentium Gold 4415Y මාදිලිය තෝරා ගැනීමට මයික්‍රොසොෆ්ට් සමාගම තීරණය කර ඇත්තේ අඩු බැටරි බල භාවිතයකින් වැඩි ක්‍රියාකාරී හැකියාවක් ලබා දෙන්නට සහ ෆෑන් එකක් නොමැතිව උෂ්ණත්ව පාලනය කරන්නට තුනී ඉඩකඩකින් ම හැකියාව ලැබෙන සේ එය සැලසුම් කොට ඇති නිසායි. එයට පැය 9ක බැටරි ආයු කාලයක් තිබෙනවා.

කැමරා  ගත්විට  Skype HD (1080p) වීඩියෝ සමඟ ඉදිරිපස කැමරාව මෙගා පික්සල් 5.0කින් යුතු අතර එය භාවිතයෙන් face recognition ආරක්ෂාව Windows Hello තාක්ෂණය සමඟ ලැබෙනවා.

පසුපස කැමරාවේ autofocus තිබෙනවා. එහි මෙගා පික්සල් අගය 8.0ක් වන අතර 1080p HD video ලබාගන්නටත් පුළුවන්. තනි මයික්‍රොෆෝන සැකැස්මක් මෙහි දකින්නට ලැබෙනවා.

වින්ඩෝස් 10 ස්ථාපිතව එන මෙහි S mode නමින් විශේෂිත ආකාරයකටයි පෙරනිමියෙන් ලැබෙන්නේ. 

Microsoft Store එකෙන් පමණක් ඇප්ස් ස්ථාපනය කරගන්න පුළුවන්. අන්තර්ජාලයට පිවිසීමට Microsoft Edge වෙබ් බ්‍රවුසරයත්, Bing සෙවුම් යන්ත්‍රයත් පමණක් භාවිතා කරන්නට ලැබෙනවා.

තවද Microsoft Office 365 Home ලැබෙන්නේ දින 30ක trial එකක් වශයෙන් නිසා අවශ්‍ය නම් එය ද

වෙනම මිලදී ගන්නට සිදු වෙනවා.

USB Type-C පෝට් එකක් මෙහි අඩංගු වන අතර ඉන් ටැබ් එක චාර්ජ් කරන්නට, වීඩියෝ සහ වෙනත් ගොනු බාහිර උපාංගයකට ප්‍රතිදානය කරන්නට යොදා ගත හැකියි. බොහෝ උපාංගවලින් ඉවත් කරමින් යන 3.5mm audio jack එක ද මෙහි අන්තර්ගත කර තිබෙනවා. microSDXC card reader ද ඒ සමඟ තිබෙන නිසා අභ්‍යන්තර ධාරිතාවය (Internal Storage) වැඩි කරගත හැකියි. Surface Connect නමැති Microsoft සමාගමේ විශේෂිත පෝට් එක ද මෙයට සබඳා චාර්ජ් කරන්නට පුළුවන්. එවිට පැය දෙකකින් සම්පූර්ණ ආරෝපණයක් වේගවත්ව ලබාගත හැකි වෙනවා. මෙතනින් Pre-Order කරන්න.

Tech specs

Software
Windows 10 in S mode1
Microsoft Office 365 Home 30-day trial
Dimensions
9.65″ x 6.90″ x 0.33″ (245 mm x 175 mm x 8.30 mm)
Weight
Starting at 1.15 lbs (522 g), not including Type Cover*
Storage3
eMMC drive: 64GB
Solid-state drive (SSD): 128GB SSD
Display
Screen: 10″ PixelSense™ Display
Resolution: 1800 x 1200 (217 PPI) resolution
Aspect ratio: 3:2
Contrast ratio: 1500:1
Touch: 10-point multi-touch
Corning® Gorilla® Glass 3
Battery life
Up to 9 hours of video playback2
Processor
Intel® Pentium® Gold Processor 4415Y
Security
TPM 2.0 for enterprise security
Enterprise-grade protection with Windows Hello face sign-in
Memory
4GB or 8GB RAM
Wireless
Wi-Fi: IEEE 802.11 a/b/g/n/ac compatible
Bluetooth Wireless 4.1 technology
Connections
1 x USB-C
3.5 mm headphone jack
1 x Surface Connect port
Surface Type Cover port
microSDXC card reader
Compatible with Surface Dial* off-screen interaction
Cameras, video, and audio
Windows Hello face authentication camera (front-facing)
5.0MP front-facing camera with 1080p Skype HD video
8.0MP rear-facing autofocus camera with 1080p HD video
Single microphone
2W stereo speakers with Dolby® Audio™ Premium
Graphics
Intel® HD Graphics 615
Exterior
Casing: Magnesium
Color: Silver
Physical buttons: Volume, Power
Sensors
Ambient light sensor
Accelerometer
Gyroscope
Magnetometer
What’s in the box
Surface Go
Power supply
Quick start guide
Safety and warranty documents

නොදන්න යාළුවන්ට බලන්න Share කරන්න. අදහස් ගැටළු පහළ Comment කරන්න 🙂

 

error: