• April 24, 2024
  • Last Update April 16, 2024 1:31 PM
  • Sri Lanka

Microsoft Edge Browser එක Chrome browser අභිබවා යෑමට සුදානම් වේ.

Microsoft Edge Browser එක Chrome browser අභිබවා යෑමට සුදානම් වේ.
Microsoft සමාගම විසින් Edge Browser එක Chromium ව්‍යාපෘතිය පාදක කරගෙන නිර්මාණය කරනු ලබන අලුත් Edge Browser එකක් එළිදැක්වීමට සුදානම් කර තිබෙනවා.
කොහොම නමුත් අලුත් Browser එකේ පෙනුම සහ user-experience එක මුල් කාලීනව දකින්නට ලැබුණු පෙනුමට වඩා ඉතාමත් හොඳ තත්වයක් දකින්නට ලැබෙනවා.
පරණ Edge Browser එකේ පැවති Read aloud කියන Option එක Chromium පාදක කරගත් browser එකට එකතු කිරීමට ඔවුන් කටයුතු කර තිබෙනවා.
තවද මෙහෙදී විශේෂයෙන් අලුත් browser එක සඳහා Chrome Store එකට සමාන පහසුකමක් සපයන Extension සහිත වෙබ් අඩවියක් ද නිර්මාණය කිරීමට Microsoft සමාගම කටයුතු කර තිබෙන අතර, මෙහි ඇතුලත් වන extensions වලට අමතරව ඕනෑම Chrome extension එකක් ද install කරගැනීමට පහසුකම මෙයට ඇතුලත් කර තිබෙනවා.

මේ අලුත් Edge browser එකේ තිබෙන user experience නිසාවෙන් අලුතෙන් Chrome browser එක windows තුලට Install නොකිරීමට ඉදිරියේදී සිදුවන්නට පුළුවන්.  
මෙයින් අපට පෙනී යන්නේ  Edge browser විසින් Chrome browser එකට ලොකු අභියෝගයක් එල්ල කර ඇති බවයි.
කොහොම නමුත්  Edge Browser එක පොදු ජනතාව සඳහා එළිදැක්වීමට නියමිත කාළ වකවානු පිළිබඳව වාර්ථා නොවන නමුත් මේ දැනටමත් පරීක්ෂණ තත්ත්වයේ තිබෙන builds පවා ඉතාමත් හොඳින් ක්‍රියාත්මක වන බව සදහන් වේ.
 

Related Articles