• April 19, 2024
  • Last Update April 16, 2024 1:31 PM
  • Sri Lanka

Nokia 2720 නැවතත් කරලියට – Video

Nokia 2720 නැවතත් කරලියට – Video
 ඔබ අප කවුරුත් දන්න  Nokia වෙළඳ නාමය ජංගම දුරකථන ලොව කිරුළු පැළඳ සිටි කාලය තුල ලොව පුරා ජනප්‍රියත්වයට පත්ව තිබූ Nokia 3310 ජංගම දුරකථනය HMD Global සමාගම විසින් Nokia නාමය යටතේ 2017 වර්ෂයේදී නැවත නිකුත් කිරීමට කටයුතු කළා  ඔබට  මතක ඇති.
ඔන්න දැන්, එවැනිම ජංගම දුරකථනයක් වන Nokia 2720 ජංගම දුරකථනයේ ද අලුත් මාදිලියක් අලුත් Operating system එකක් සමඟින් වෙළඳපොලට හඳුන්වාදීමට HMD Global ආයතනය මේ වෙනකොට කටයුතු කර තිබෙනවා.

ඉතින්  Nokia සමාගම විසින් 2019 සැප්තැම්බර් මස නිල වශයෙන් මේ Nokia 2720 Flip ජංගම දුරකතනය  Announcer කිරීමට කටයුතු කළ අතර මෙහි විශේෂත්වයක් වන්නේ පලමු මාදිලිය නිකුත් කිරීමෙන් වසර 10 කට පසුව මෙම වැඩිදියුණු කල මාදිලිය නිකුත් කර තිබීමයි.
කොහොම නමුත් නවතම Nokia 2720 ජංගම දුරකථනය Linux මත පදනම් වුණු මෙහෙයුම් පද්ධතියක් වන KaiOS මගින් බළගැන්වෙන අතර  මෙම kaiOS Developer කණ්ඩායම සදහන් කරන අකාරයට මෙම OS එක 4G පහසුකම මෙන්ම අත්‍යවශ්‍ය apps 100ක් පමන මෙම KaiOS මත ධාවනය කිරීමේ හැකියාව තිබෙන බවයි.
තවද Whats App, Google Assistant, Facebook, YouTube, සහ Google Maps වැනි apps ඇතුලත් කර තිබෙනවා.
මේ අනුව මෙහි Google Assistant භාවිතා කරමින් voice commands හරහා විවිධ කටයුතු කරගැනීමේ හැකියාව ඔබ හට ලැබෙනවා.
මේ ජංගම දුරකථනය පැරණි Nokia ජංගම දුරකථන මෙන්ම සවි ශක්තිය අතින් ඉතාමත් හොඳ තත්ත්වයක ඇති බවත්, මෙහි Battery එක එක් වරක් Charge කළ පසු දින 28ක් දක්වා standby තබාගත හැකි බවත් HMD Global ආයතනය වැඩිදුරටත් පෙන්වා දෙනවා.
specifications   –  Gsmarena

 

Related Articles