• April 20, 2024
  • Last Update April 16, 2024 1:31 PM
  • Sri Lanka

Nokia Phones 4ක් සදහා Android සහය දීර්ඝ කිරීමට කටයුතු කරයි.

Nokia Phones 4ක් සදහා Android සහය දීර්ඝ කිරීමට කටයුතු කරයි.
2017 වර්ෂයේ  HMD Global සමාගම විසින් අලුත් Nokia Android ජංගම දුරකථන හඳුන්වාදීමට කටයුතු කළ අතර, මූලිකව එම ජංගම දුරකථන සඳහා වසර 2 දක්වා updates ලබා දෙන බව ඔවුන් ප්‍රකාශ කරනු ලැබුවා.
කොහොම නමුත් 2017 වර්ෂයේදී Nokia 3, Nokia 5, Nokia 6 සහ Nokia 8 යන ජංගම දුරකථන එළිදැක්වූ අතර මෙම සියළුම ජංගම දුරකථන සඳහා 2019 වර්ෂය දක්වා නිළ වශයෙන් සහාය ලබාදීම සිදු කිරීමට නියමිත වූ අතර, මේ වන විට මෙම කාළසීමාව තවත් වසරකින් දීර්ඝ කිරීමට Nokia සමාගම තීරණය කර තිබෙනවා.

Nokia Update

මේ අනුව ඉහත සඳහන් කළ ජංගම දුරකථන මාදිලි 4 සඳහා 2020 වර්ෂයේ ඔක්තෝම්බර් මාසය දක්වා සුපුරුදු පරිදි Security updates ලබාදෙනු ඇති නමුත් මෙම updates ඇමෙරිකාව සහ ඉන්දියාව යන රටවල් වල භාවිතා වන Nokia 6 ජංගම දුරකථන සඳහා නොලැබෙන බව ද වාර්ථා වෙනවා.
තවද සාමාන්‍යය මාසික updates ලබා දීමේ ක්‍රමවේදය අනුව මෙම updates ලබා නොදෙන අතර, සෑම මාස 3 වරක් ම මෙම updates ලබාදීමට ඔවුන් තීරණය කර තිබෙනවා.
කොහොම නමුත් 2017 වර්ෂයේදී නිකුත් කළ Nokia 2 ජංගම දුරකථනයට මේ ආකාරයෙන් support period එක දීර්ඝ වීමක් සිදු නොවන අතර, මෙම වසරේ නොවැම්බර් මාසයෙන් පසුව එයට updates ලබාදීම නතර කිරීමට HMD Global සමාගම කටයුතු කරනු ලබන බව වාර්ථා වී තිබෙනවා.

Related Articles