• April 19, 2024
  • Last Update April 16, 2024 1:31 PM
  • Sri Lanka

Samsung සමාගම විසින් Galaxy F මාදිලිය නිකුත් කෙරේ ( Video )

Samsung සමාගම විසින් Galaxy F මාදිලිය නිකුත් කෙරේ ( Video )

Samsung සමාගම විසින් අලුත් smartphone Series එකක් හදුන්වා  දීමට කටයුතු සුදානම් කර තිබෙනවා.මෙම මාදිලිය Galaxy F ලෙස නම් කර තිබෙනවා. Galaxy F මාදිලියේ පළමු කොටස එනම් ලබන මාසේ 8 දින නිකුත් කිරීමට නියමිතයි.

මුල් වරට ඉන්දියානු වෙළදපොලට මෙම Galaxy F නිකුත් කිරීමට සුදානම් වී සිටින අතර එම වෙළදපොලට Galaxy F 41 ලෙස නිකුත් කිරමට කටයුතු කරන අතර මෙය budget මාදිලියක් ලෙස නිකුත් කිරිමට නියමිතයි.

මෙම Galaxy F මාදිලිය design කිරීමේ සිට නිෂ්පාදනය දක්වා සිදු කරනු ලබන්නේ ඉන්දියාව තුළ බව වාර්ථා  වෙනවා.

Android 10 වලින් සමන් විත වන  අතර USB Type- C port ඇතුළත් වන බව සදහන් වන බවත් black,blueසහ Green යන ආදී colors වලින් සමන්  විත වෙනවා.

ඉන්දියන් රුපියල් 15,000-20,000 ත් අතර මිලකට මෙහි මිල නියම වෙනු ඇති බව අනුමාන කරන නමුත් එය තවමත් Samsung සමාගම විසින් තහවුරු කර නැහැ.

එමෙන්ම මෙම series එක ඉන්දියාවට පමණක් සීමා වෙනු ඇති බව සඳහන් වන අතර එය globally launch කිරීමක් පිලිබඳව මේ වන තෙක් තොරතුරු වාර්තා වී නොමැත .

Related Articles