Shafiqullah තරග තහනමක්

ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ කඩුලු රකින ක්‍රීඩක ෂෆිකුල්ලා ෂෆීක්ට වසර 6ක තරඟ තහනමක් පැනවීමට එරට ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර තිබෙනවා.
ඒ, දූෂණ සිදුකළ බවට චෝදනා කරමින්.
2018 වසරේ පැවති ඇෆ්ගනිස්ථාන – ප්‍රිමියර් ලීග් පන්දු වාර 20 තරගාවලිය සහ 2019 බංග්ලාදේශ – ප්‍රිමියර් ලීග් තරගාවලියේදී දූෂණ සිදුකළ බවට චෝදනා එල්ල වන අතර, ඔහු එම චෝදනා භාරගෙන තිබෙනවා.