• April 19, 2024
  • Last Update April 16, 2024 1:31 PM
  • Sri Lanka

සියලුම Smartphone සඳහා USB Type-C Cable එක අනිවාර්ය කිරීමට යුරෝපා සංගමය සූදානම් වෙයි

සියලුම Smartphone සඳහා USB Type-C Cable එක අනිවාර්ය කිරීමට යුරෝපා සංගමය සූදානම් වෙයි

ලෝකයේ  මේ  වෙනකොට Micro USB හා USB Type C යන port android ජංගම දුරකථන වල බහුලව භාවිතා වෙන වෙනවා.

එයිනුත් Micro USB port එක Android උපාංග වලින් ද ටිකෙන් ටික ඉවත්ව ඒවා USB Type C වෙත මාරු වෙමින් තිබෙනවා. 

කෙසේ නමුත්  තවමත් Apple සමාගම සිය iPhone සඳහා lightning port නම් Apple වලටම ආවේනික port එකක්

භාවිතා වන බව කොයි කරුත් දන්නා කරුණක්,

ඉතින් බොහෝ කාලයක සිටම යුරෝපා සංගමයේ කනස්සල්ලට හේතු වී තිබූනා මේ කරණය.

Smart ජංගම දුරකථන වල Charging cable එක USB type C විය යුතු බව යුරෝපා සංගමය බොහෝ කාලයක් තිස්සේ යෝජනා කළද,

නවෝත්පාදන වලට බාධා කරන බව පවසමින් Apple සමාගම මෙම ඉල්ලීම නොසලකා හරිනු ලැබුවා.

ඊට හේතුව වූයෙ Cable එක Type C කිරීමට නම් Port එකද Type C කල යුතු වීම වෙන අතර,

දැනට Apple සමාගම iPad සහ MacBook සඳහා Type-C port එක හඳුන්වා දී

ඇතත් iPhone සඳහා එය හඳුන්වා දී නැහැ.

USB-Type-C-cable sinhala

2018 දී යුරෝපා සංගමය තුළ ජංගම දුරකථන සමඟ අලෙවි කරන ලද Charger වලින් අඩකට පමණ Micro USB port

එකක් හා 29% ක් Type C port එකක් මෙන්ම 21% ක Lightning Port

එකක් තිබූ බව 2019 දී සිදු කල කොමිශන් සභා බලපෑම් තක්සේරු අධ්‍යයනයෙන් සොයා ගනු ලැබුවා.

යුරෝපා සංගමය විසින් යළිත් මෙම කරුණ මතු කරන්නේ මෙම පසුබිම තුළ වෙන අතර, ඔවුන්ගේ යෝජනාව වන්නේ iPhone හා Android ඇතුළු සියලුම smart දුරකථන, Tab, cameras, Headphones, Portable Speakers සහ Video game consoles ආදිය සඳහාද USB Type C cable එක, Standard එකක් බවට පත් කල යුතු බවයි.

එමෙන්ම දුරකථනය හා Charger එක වෙන වෙනම අලෙවි කළ යුතු බවටත් ඒ හරහා අනවශ්‍ය ලෙස ඉලෙක්ට්‍රොනික

අපද්‍රව්‍ය පරිසරයට එකතු වීම වැළකෙන බවටත් යුරෝපා සංගමය විසින් කරුණු මතු කර තිබෙනවා.

තම සංගමය කීප වතාවක්ම මේ පිළිබඳව සම්මතයන් සකස් කර ගැනීමට නිෂ්පාදකයින්ට ඉඩ දුන්නද එය ඉටු වී නැති බවත්,

ඒ නිසා දැන් ව්‍යවස්ථානුකූල පියවරක් ගැනීමට තමන් සූදානම් බවත් යුරෝපා සංගමය සඳහන් කරනවා.

මෙම තීරණය Apple සමාගමට බෙහෙවින් බලපානු ඇතැයි අනුමාන කල හැකි අතර,

මිලෙන් ඉතාම අඩු Entry-level Android දුරකථන නිශ්පාදකයින්ටත් මෙය සැලකිය යුතු බලපෑමක් සිදු කරනු ඇති.

ඒ වගේම මෙම නව යෝජනාව ඉදිරියට යාමට නම් යුරෝපා පාර්ලිමේන්තුව තුළ හා යුරෝපා කවුන්සලය තුල මෙය නීතියක් ලෙස සම්මත විය යුතු අතර,

එසේ සම්මත වූ පසු Port එක වෙනස් කිරීම සඳහා සමාගම් වලට වසර 2 ක කාලයක් පමණ ලැබෙනු ඇති.

 

Related Articles