• April 24, 2024
  • Last Update April 16, 2024 1:31 PM
  • Sri Lanka

Microsoft Edge Browser

පැරණි Edge Browser එක Windows 10 පරිගණක වලින් ඉවත් කරයි

ඔන්න මේ වන  විටMicrosoft සමාගම විසින් ඔවුන්ගේ පැරණි Microsoft Edge browser එක සඳහා ලබාදී ඇති support period එක අවසන් වීමට ආසන්න වන අතර, මෙම වසරේ මාර්තු 9 වැනි දින ඒ සඳහා සහාය ලබාදීම නතර කෙරෙනු ලැබෙනවා.  එමෙන්ම මීළඟ අප්‍රේල් 13 වැනි දින Chromium ව්‍යාපෘතිය පාදක කරගෙන නිර්මාණය කළ මේ අලුත් Edge browser එක cumulative monthly security patch එකක් හරහා Windows 10 ස්ථාපනය කර ඇති පරිගණක සියල්ලටම නිකුත් කරනු ඇති අතර, ඒ සමඟින් පැරණි Edge browser එක සම්පූර්ණයෙන්ම Windows 10 පරිගණක වලින් ඉවත් කර දැමීමට කටයුතු කෙරෙනවා.  මේ වන විටත් ඔබගේ Windows 10 පරිගණකයේ Chromium පාදක කරගත් අලුත් Edge browser එක install කර ඇත්නම්, පෙර කී update එක හරහා පැරණි Edge browser එක් ඉවත් කිරීම පමණක් සිදු කරනු ඇති බව ද Microsoft සමාගම ප්‍රකාශ කර සිටිනවා. 

අලුත්ම Microsoft Edge Browser install කරමු.

Microsoft සමාගම විසින් ඔවුන්ගේ Edge web Browser එක Chromium Open Source Project එක පාදක කරගෙන අලුතින් නිර්මාණය කිරීමට ඔවුන් කටයුතු…

Microsoft Edge Browser එක Chrome browser අභිබවා යෑමට සුදානම් වේ.

Microsoft සමාගම විසින් Edge Browser එක Chromium ව්‍යාපෘතිය පාදක කරගෙන නිර්මාණය කරනු ලබන අලුත් Edge Browser එකක් එළිදැක්වීමට සුදානම් කර තිබෙනවා. කොහොම නමුත්…