• March 29, 2024
  • Last Update March 18, 2024 9:04 AM
  • Sri Lanka

Trust Ranking අතර Nokia ජංගම දුරකථන පළමුවැනි ස්ථානයට

Trust Ranking අතර Nokia ජංගම දුරකථන පළමුවැනි ස්ථානයට
 මේ වෙනකොට Counterpoint සමීක්ෂණ ආයතනය විසින් 2020 ට අදාළ Trust ranking ශ්‍රේණිගතකිරීම් වාර්තාව නිකුත් කර තිබෙනවා. ඒ අනුව Nokia ජංගම දුරකථන එහි පළමුවැනි ස්ථානයට පත් වී තිබෙනවා.
මෙම සමීක්ෂණය සිදු කර තිබෙන්නේ Update speed, Hardware durability ආදී Category යටතේ, සියලුම Android වෙළඳනාම අභිබවා මෙලෙස Nokia වෙළඳනාමය පළමු තැනට පත් වී තිබෙනවා.
සුදුසුකම් ලත් Nokia ජංගම දුරකථන සියල්ලම මේ වන විට Android 10 ධාවනය වන අතර ඒ අනුව සිය උපාංග සඳහා 100% ක්ම ප්‍රධාන Android OS update ලබා දී ඇති ප්‍රධානතම සමාගම Nokia සමාගමයි.

Nokia Android os

Nokia ආයතනයට අමතරව මෙලෙස තම ජංගම දුරකථන සඳහා updates ලබාදී ඇති අනෙක් සමාගම වන්නේ One Plus සමාගම වන නමුත් ඔවුන්ගේ devices ගණන 7ක් වන අතර, Nokia සමාගමේ ජංගම දුරකථන මාදිලි ගණන 20කි.
මාසිකව Security patch updates ලබා දෙන එකම සමාගම බවට ද පත්වී තිබෙන්නේ Nokia සමාගම වෙන අතර ඒ අනුව එම අගයද 100% ක් වෙනවා. මෙහි දෙවැනි තැනට පත් වී සිටින One Plus සමාගම සිය උපාංග වලින් 90% ක් සඳහා මාසිකව Security patches ලබාදීම සිදු කරන බව counterpoint වාර්තාව පෙන්වා දෙනවා.

Nokia Security patch

Samsung සමාගම මාසිකව Security patch update ලබාදීම අවම අගයක පැවතියත් Quarterly එනම් කාර්තුමය වශයෙන් Security patch update ලබාදීම අතින් ඉදිරියෙන් සිටින බව මෙම වාර්තාව පිරික්සීමේදී පැහැදිලි වෙනවා.
මේ වෙනකොට ජංගම දුරකථන වල Durability එක හා Build Quality එක අතින්ද Nokia ජංගම දුරකථන ඉදිරියෙන් සිටින බව counterpoint වාර්තාව වල පෙන්වා දෙන අතර මෙම පරීක්ෂණ Robustness, Force measurement, Drop and impact, Fatigue, Wear and scratch, Thermal tests, Moisture and liquid tests ආදී කාණ්ඩ කිහිපයක් යටතේ සිදු කර තිබෙනවා.
Counterpoint ආයතනය සිදු කල මෙම සමීක්ෂණය Samsung, Nokia, One Plus, Xiaomi, Huawei, Oppo ඇතුළු දුරකථන වෙළඳනාම 11 ක් පදනම් කරගෙන සිදුකර තිබෙන අතර, ඒ අනුව ඒ සෑම වෙළඳනාමයක්ම අභිභවා පළමු ස්ථානය ලබා ගැනීමට මෙලෙස Nokia වෙළඳනාමය සමත් වී තිබෙනවා.

Related Articles