• March 29, 2024
  • Last Update March 18, 2024 9:04 AM
  • Sri Lanka

Windows 10X ලබන වසරේ නිකුත් කිරීමට සුදානම් වෙයි

Windows 10X ලබන වසරේ නිකුත් කිරීමට සුදානම් වෙයි

ඇත්තටම ඊළගට windows 10 වලින් පස්සේ මොකක් එයිද කියලා ඔයාට හිතුනද ? ?

කොටිම්ම කිවුවොත් ලිපිය ලියන මටවත් එක ගැන හිතිලා නැහැ ? .  ඔන්න කොහොම නමුත් ඉතා ඉක්මනින්

අලුත් windows එකක් එනවා කිවුවොත් හරි. ඉතින් 2021ක වර්ෂයේ දෙවන කාර්තුව වෙද්දී  නිකුත් කිරීමට Microsoft සමාගම සුදානමින් සිටින අතර, මෙම නව මෙහෙයුම් පද්ධතිය නම් කර තිබෙන්නේ Windows 10X ලෙසයි.

ඉතින් Windows 10 තුළ පොදුවේ Windows මෙහෙයුම් පද්ධතියේ දක්නට ලැබුණු  දුර්වලතාවයක් වූයේ එය sleep කළ විට wake up කිරීම සඳහා ගත වන කාලය වැඩි වීම වන අතර Windows 10X සමඟ එයට විසඳුමක් ලබාදීමට Microsoft සමාගම කටයුතු කරනවා.

මේ අනුව Windows 10X සඳහා වැඩිදියුණු කරන ලද Standby mode එකක් හඳුන්වාදීමට නියමිත අතර මෙම නව mode එක මඟින් ඔබේ පරිගණකය Sleep mode එකේ තිබී, නැවත එය wake up කරන විට ක්ෂණිකව එම ක්‍රියාවලිය සිදු කරදෙනු ඇත.

Office කටයුතු වලදී පරිගණකය භාවිතා කරන්නන්ට මෙම පහසුකම ඉතා ඵලදායි වනු ඇති බව අනුමාන කළ හැකි අතර ක්ෂණිකව ක්‍රියාත්මක වීම හා Laptop එක විවෘත කළ වහාම system එක නැවත ආරම්භ වන අත්දැකීමක් ලබාදීමට Microsoft සමාගම බලාපොරොත්තු වෙනවා.

 

 

තවද device එක sleep mode එකේ තිබියදීම Windows apps වලට background එකේම run විය හැකි always-connected නම් නව පහසුකමක්ද Windows 10X වෙත එකතු කිරීමට නියමිත අතර මෙමඟින් Email වැනි apps සමග වැඩ කිරීම ඉතා පහසු වෙනු ඇති.

එමෙන්ම File Explorer එක, අලුත් action center එක ඇතුළු තවත් improvements ගණනාවක් ද මෙම නවතම Windows 10X මෙහෙයුම් පද්ධතිය සමඟ හඳුන්වාදීමට Microsoft සමාගම සුදානම් වෙනවා.

කොහොම නමුත් 2021 වසරේ නිකුත් කිරීමට නියමිත Windows 10X හි මෙම පළමු version එක single display සහිත උපාංග වෙනුවෙන් නිකුත් කරනු ඇති බව වෙදෙස් වෙබ් අඩවි සදහන් කරනවා.

Related Articles