• March 29, 2024
  • Last Update March 18, 2024 9:04 AM
  • Sri Lanka

Xiaomi 13 Smart Phone Series එක නිල වශයෙන් එලිදක්වයි

Xiaomi 13 Smart Phone Series එක නිල වශයෙන් එලිදක්වයි

Xiaomi සමාගම විසින් ඔවුන්ගේ නවතම flagship lineup එක වන Xiaomi 13 smartphone series එක එළිදැක්වීමට නියමිත දිනය නිළ වශයෙන් නිවේදනය කිරීමට මේ වනවිට කටයුතු කර තිබෙනවා.

ඒ අනුව ඉදිරි දෙසැම්බර් මස 01 වන දින චීනයේදි ඔවුන්ගේ මෙම එළීදැක්වීමේ කටයුතු සිදු කිරිමට නියමිත බවට වෙබ් අඩවි හරහා නිවේදනයක් නිකුත් කර තිබූ අතර මීට අමතරව මේ වනවිට ඔවුන්ගේ නවතම Xiaomi 13 line-up එක සහ MIUI 14 ඇතුළු තවත් devices කිහිපයක් මෙහිදී එළිදැක්වීමටද නියමිත බවට Xiaomi සමාගම විසින් නිවේදනය කර තිබෙනවා.

කොහොම නමුත් Xiaomi සමාගමේ මෙම flagship lineup එක පිළිබඳව teaser කිහිපයක් අන්තර්ජාලය වෙත නිකුත් කර තිබෙන අතර මේ හරහා ඔවුන්ගේ නවතම Xiaomi 13 series එක සඳහා flat display එකක් සමගින් selfie camera එක සඳහා centered hole-punch cutout එකක්, asymmetrical bezels සහ 93.3% ක screen-to-body ratio එකක් මෙන්ම, මෙම දුරකතනයේ ඝනකම 71.5mm කින් සමන්විත බවටද වාර්තා වෙනවා.

එමෙන්ම Xiaomi සමාගමේ CEO වන Lei Jun මහතා විසින් ඔවුන්ගේ Xiaomi 13 series එක straight සහ පහසුවෙන් අත්ල මත රඳවා ගත හැකි වන පරිදි quad-curved back panel එකකින් සමන්විත වන බවට මෙන්ම IP68 dust and water resistance සහතික කිරීමද ලබාදී ඇති බවට හෙළි කර තිබෙනවා.

 

Logitech G102 LIGHT price ins sri lankaSYNC

Related Articles