• March 29, 2024
  • Last Update March 18, 2024 9:04 AM
  • Sri Lanka

YouTube විසින් Tik Tok වලට අභියෝග කරයි

YouTube විසින් Tik Tok වලට අභියෝග කරයි

ඔන්න දැන් TikTok සමග තරඟ කිරීමට Shorts නම් වූ අලුත් අංගයක් හඳුන්වාදීමට YouTube සමාගම කටයුතු කර තිබෙනවා.

කෙටි වීඩියෝ නිර්මාණය කිරීම සම්බන්ධයෙන් පසුගිය වසර තුළ අතිශය සාර්ථක වූ app එකක් ලෙස Tik Tok හඳුන්වාදිය හැකි අතර මෙය  සඳහා තරඟ කිරීමට Instagram සඳහා Reels නම් විශේෂාංගය ඉන්දියාව තුළ අත්හදාබැලීමට Facebook ආයතනය කටයුතු කිරීමෙන් පසුව දැන් YouTube ආයතනයද, Shorts නම් වූ අලුත් විශේෂාංගය ඉන්දියාව තුළ අත්හදාබලමින් සිටින බව වාර්තා විදෙස්  මාධ්‍ය වල සදහන් වෙනවා.

 YouTube Shorts මගින් තප්පර 15 ක් ඇතුලත music එකකට video එකක් නිර්මාණය කිරීමට පරිශිලකයන් හට අවස්ථාව ලබාදී ඇති අතර YouTube සමාගම විසින් මේ සඳහා දැනටමත් music tracks විශාල ප්‍රමණයක් ලබාදී ඇති අතර අනාගතයේදී තවත් music tracks එකතු වනු ඇති බවත් අපට සිතිය හැකිය .

මෙම Shorts නැමැති විශේෂාංගය YouTube Home page එකෙහි දැක ගැනීමට හැකියාව ලැබෙන අතර පරිශීලකයන්ට එක් වීඩියෝවක සිට තවත් වීඩියෝවකට swipe කිරීම මගින් මාරු වීමට හැකියාව ලබාදී තිබෙනවා.

Shorts සඳහාද TikTok මෙන් සිත් ඇදගන්නා සුළු tools කිහිපයක් ලබාදී ඇති බව පෙනි යන අතර පරීශිලකයන් හට music තොරා ගැනීමෙන් එහාට ගොස් video clips කිහිපයක් එකතු කිරීමට, clips වල වේගය පාලනය කිරීම සහ රූගතකිරීම සඳහා timer සහ countdown භාවිතා කිරීමටද මෙහිදී අවස්ථාව ලැබෙනවා.

 මේ YouTube Shorts මේ වන විට ඉන්දියාව සඳහා නිකුත් කර ඇති අතර ඉදිරි මාසවලදී අනෙකුත් රටවල් සඳහාද ලැබෙනු ඇතැයි අපේක්ෂා කරනවා.

Related Articles