• March 28, 2024
  • Last Update March 18, 2024 9:04 AM
  • Sri Lanka

YouTube සහ Google පාලන අධිකාරියෙන් තීරණයක්

YouTube සහ Google පාලන අධිකාරියෙන් තීරණයක්
කොරෝනා වෛරසයේ බලපෑම හේතුවෙන් යූ YouTube සහ google හි මව් සමාගම වන ඇල්ෆබට් සමාගමේ සේවකයින් බඳවා ගැනීම අවම කිරීමට එහි පාලන අධිකාරිය තීරණය කර තිබෙනවා.
කෙසේ වෙතත්, පසුගිය වසරේ දෙසැම්බර් මාසය හා සැසදීමේදී මෙම මස මාර්තු වන විට සේවකයින් බදවා ගැනීම සියයට 3.5කින් ඉහළ ගොස් ඇති බව ද සඳහන්.
එමෙන්ම, මාර්තු මාසය අවසන් වන විට YouTube සමාගමේ ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 4.04ක් දක්වා ඉහළ ගොස් ඇති අතර එය සියයට 33ක වර්ධනයක් බවටයි වාර්තා වන්නේ.
YouTube සමාගමට ලැබෙන වෙළඳ දැන්වීම් ප්‍රමාණයේ යම් අඩුවක් පවතින බව විදෙස් මාධ්‍ය ප්‍රකාශ කළා.
එමෙන්ම, ඉදිරියේදී YouTube සමාගමේ වෙළද දැන්වීම් ආදායම පහළ යා හැකි බව ද එහි මව් සමාගම වන ඇල්ෆබට් හි ප්‍රධාන මූල්‍ය නිලධාරිනිය වන රූන් පෝරැට් පවසනවා.
මේ අතර, කොරෝනා වෛරසය පැතිර යන මෙම කාලයේ google භාවිතය ඉහළ ගොස් ඇති අතර, YouTube හි කොවිඞ් නයින්ටීන් පිළිබද තොරතුරු කේන්ද්‍රය නරඹා ඇති වාර ගණන ද බිලියන 20 ඉක්මවා තිබෙනවා.

Related Articles