• April 19, 2024
  • Last Update April 16, 2024 1:31 PM
  • Sri Lanka

හැකර්වරුන් විසින් Malware වර්ගයට අයත් PDF virus එකක් අන්තර්ජාලයට එකතු කරයි ?

හැකර්වරුන් විසින් Malware වර්ගයට අයත් PDF virus එකක් අන්තර්ජාලයට එකතු කරයි ?

මේ වන විට PDF  මගින් trojan වර්ගයේ virus එකක් අන්තර්ජාලයට මුදාහැර තිබෙනවා.

හැකර්වරුන් විසින් Template වලට trojan වර්ගයේ virus ඇතුලත් කර මහා පරිමාණයෙන් අන්තර්ජාලයට එකතු කිරීමට

හැකර්වරුන් පිරිසක් කටයුතු කර ඇති බව eSentire නම් වූ ආයතනයක ඉංජිනේරුවන් විසින් සිදු කළ research එකක ප්‍රතිඵලයක් ලෙස හඳුනාගෙන තිබෙනවා.

මෙවැනි files අන්තර්ජාලයට එකතු කළ විට search engine හරහා අදාල වෙබ් අඩවි වලට පැමිණෙන පරිශීලකයින්, ඒවායේ ඇති files download කරගැනීමට

තැත් කිරීමේදී ඔවුන් නොදැනුවත්වම මෙම අනතුරුදායක files වලට ‍යොමු කෙරෙනු ලැබෙන බව ඔවුන් පෙන්වා දෙනවා.

මේ  හරහා එම පරිශීලකයින් භාවිතා කරනු ලබන පරිගණක වල Remote Access Trojan (RAT) වර්ගයේ virus ස්ථාපනය වන බවත්,

එම මෘදුකාංග භාවිතා කරමින් තවත් malware ස්ථාපනය කිරීමේ හැකියාව ලැබෙන බව මෙන්ම ඒ හරහා අදාල පරිගණක හැකර්වරුන්ට අවශ්‍යය ආකාරයට භාවිතා

කිරීමට හැකියාව ලැබෙන බවත් ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙනවා.

Remote-Access-Trojan-in-PDFs-tech-news-sri-lankapowershell Sinhala tech

මෙම virus හරහා අදාල පරිගණක වල හෝ ඊට සම්බන්ධ වී ඇති network එකේ ඇති පරිගණක වල ඇති තොරතුරු සොරාගැනීම, ransomware වැනි භායානක

virus ස්ථාපනය කිරීම, banking details සොරා ගැනීම වැනි ඉතා විශාල ප්‍රමාණයේ අනතුරු රැසකට ඉඩ සැලසෙනවා.

මේ වන විට මෙවැනි අනතුරුදායක වෙබ් පිටු 100,000කට අධික ප්‍රමාණයක් හඳුනාගැනීමට මෙම ඉංජිනේරුවන් සමත්වී ඇති අතර, template, invoice, receipt,

questionnaire, සහ resume වැනි business related keywords සඳහා මේවා optimize කර ඇති බැවින්, බොහෝ විට කාර්යයාල වල සේවය කරනු ලබන

සේවකයින් මෙහි ප්‍රධාන ඉලක්කය වී ඇති බව ඔවුන් අනුමාන කරනවා.  ඉතිං කල්පනාවෙන් 

Related Articles